― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalගෝඨා බියගුල්ලෙක්.. නැත්නම් ජනාධිපතිකම දාලා පැනලා යන්නෑ

ගෝඨා බියගුල්ලෙක්.. නැත්නම් ජනාධිපතිකම දාලා පැනලා යන්නෑ

ජනාධිපතිතුමා රට ගොඩ ගැනීම සඳහා ගෙන යන වැඩපිළිවෙලට කපුටෙක් කොටන්න පටන්ගෙන ඇති බවත් මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවර කරපු ගමන් ඔහුගේ පවුලට සල්ලි හම්බකරන්න, හොරකම් කරන්න, පගා ගහන්න මාර්ග විවෘත කළ බවත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පැවසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ කැළණිය ටයර් හංදියේදී අපේ කම- අපේ රට – ඔබේ වගකීම මැයෙන් ජනතා හමුවක් අමතමිනි.

සියලුම පක්ෂවල ඉන්නේ වරෙන්තුකාරයෝ. හොරකම දූෂණය වංචාව ඉහවහා ගිහින්. එතැන අපේ කම නෑ. රට කරවන සමහර අයගේ අපේ කම නෑ. ඒ අය ළග තියෙන්නේ මගේ කම සහ පවුලේ කම විතරයි. මහින්ද රාජපක්ෂ යුද්ධය ඉවර කරපු ගමන් ඔහුගේ පවුලට සල්ලි හම්බකරන්න, හොරකම් කරන්න, පගා ගහන්න මාර්ග විවෘත කළා. ඒකටම හරියන කෙනෙක් ඒ පවුලේ හිටියා. බැසිල් රාජපක්ෂ කියන. දාපං නඩු. මම එනවා උසාවි. අපි එකට බෙලිඅත්තේ හිටියේ. අපේ ගෙල්වල හිටියේ. ගෝඨාභය රාජපක්ෂට ගැටමාන්නේදී ගහද්දී දිව්වා. ගහපු අයට ගැහුවේ අපි. බියගුල්ලෝ. බය නැතිව, නිර්භීතකමක් තිබුණානම් ජනාධිපතිකම දාලා පැනලා යන්නේ නෑ නේ. දිට්ඨධම්මවේදනීය කර්මය වෙන්නේ ගෝඨාභයට අද යන්න තැනක් නෑ.

මේ හැමෝම මහජන දේපල සූරාකෑවා. මේ අය තමයි ඊළග ආත්මේ කපුටෝ, බල්ලෝ, බළල්ලු වෙලා උපදින්නේ. දැන් මෛත්‍රීපාල යාපනයට ගිහින් ප්‍රභාකරන් මැරුණාද අහනවා. මට මතක නෑලු. දන්නේ නෑලු. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැදගත් මිත්‍රයින්ට කියන්නේ වද පීදුන ගස්වල ගෙඩි පීදෙන්නේ නෑ කියලා. ඔතැනින් අයින් වෙලා එන්න. හැම පක්ෂයකම වැදගත්, වැඩකරන්න පුලුවන් මිනිස්සු ඉන්නවා.

ජනාධිපතිතුමාට බැසිල් වැඩ ටික හරියට කරන්න දෙන්නේ නෑ. කකුලෙන් අදිනවා. උගුල් අදිනවා. ඔබතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා, දැන් බලන් හිටියා ඇති. එස්මන්ඩ් වික්‍රමසිංහගේ පුතා හැටියට මෙන්න උඹලගේ ජනාධිපතිකම කියලා එන්න. එදාට මම එතුමා එක්ක ඉන්නේ. එදා මේ රට වැටිලා අන්ත අසරණ වුන වෙලාවේ කිසිම කෙනෙක් රට බේරාගන්න ඉදිරිපත් වුනේ නෑ. පරිණත දේශපාලඥයෙක් වුන ජනාධිපතිතුමා විතරයි ඒ වෙලාවේ ඉදිරිපත් වුනේ.

ජනාධිපතිකම ගන්න එන්න කිව්වම සජිත් හැංගුනා. මට තියෙනවා රට හදන දැක්ම. අපිට පුලුවන් දේශීය ලාභ ලබන ආයතන තුට්ටු දෙකට විකුණන්නේ නැතිව මේ රට ගොඩ ගන්න. ඒකට පොදු මහජනතාව දක්වා සියලුදෙනාම කැපවීමෙන් වැඩ කරන්න ඕන. මේ රටේ තිබෙන නිවාඩු අහෝසි කර වැඩ බිමක් බවට පත් කරන්න ඕන. මැති ඇමැතිවරුන් සියලු දෙනා කමතේ වැඩ කළ යුතුයි. රටේ තියෙන ලාබ ලබන දේශීය ආයතනවල වගකීම දේශීය ධනවත් ව්‍යාපාරිකයින් එක මේසයකට කැදවා විවෘත ටෙන්ටර් ක්‍රමවේදයක් මගින් ඔවුන්ට පවරා දියුණු කිරීමට ලබාදිය යුතුයි. නැතිනම් ප්‍රභාකරනේගේ ඥාතීන් නොවන, ඩයස්පෝරාවේ ඥාතීන් නොවන අයට භාරදෙන්න ඕන.

වහාම ක්‍රියාත්මක වන පරිදි ධූරයෙන් ඉවත්ව ගිය ජනාධිපතිවරුන්ට විශාල බරපැන දැරීම නතර කළ යුතුයි. විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තු ක්‍රමය නැවත ඇති කළ යුතුයි. මෙතෙක් පත්වූ කිසිම ජනාධිපති කෙනෙක් මේ ගැන කතා කළේ නෑ.