― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමට වාර්තා එපා.. වැඩ විතරයි ඕනේ

මට වාර්තා එපා.. වැඩ විතරයි ඕනේ

මෙරට වෙරළ පරිසරය ආරක්ෂා කර ගනිමින් රට වටා පිහිටි වෙරළ තීරය විධිමත්ව සංවර්ධන කිරීමෙන් අප රට මුහුණදී සිටින ආර්ථික අර්බුදවලට විසඳුම් සොයාගත හැකි බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී අද (10) පැවැති සාකච්ඡාවකදීය.

මෙරට මුහුදු තීරය වටා පිහිටි ආකර්ෂණීය ස්ථාන හඳුනාගෙන ඒ සඳහා දෙස් විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමේ කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස අමාත්‍යවරයා එහිදී වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

මේ සම්බන්ධයෙන් තමන්ට වාර්තා අනවශ්‍ය බවත් තමන්ට අවශ්‍ය වැඩ පමණක් බවත් අවධාරණය කළ අමාත්‍යවරයා හැමදාම සාකච්ඡා පවත්වමින් වාර්තා ඉදිරිපත් කරනවා වෙනුවට එක වැඩක් හෝ කර පෙන්විය යුතු බවයි අවධාරණය කළේ.

ග⁣⁣ඟේ වාඩිය, පුත්තලම කලපුව දූපත්, කුඩව, වයික්කාල, මීගමුව කලපුව, කපුන්ගොඩ, ප්‍රීතිපුර, කොක්ගල කලපුව, සීතගල්ල, රැකව කලපුව, ලුනම කලපුව, මලාල ලේවාය, කිරින්ද, කුනුකලේ බීච්, එලිෆන්ට් රොක්, සලතිව් දූපත, තඹලගමුව බේ, ගවනර් ඔෆිස්, උප්පුවේලි, සම්පල්තිව් බීච්, අර්යමල්ල බීච්, නයාරු බීච්, නන්දිකඩාල් බීච්, සන්තකුලම් බීච් මෙලෙස අලුන් හඳුනාගෙන ඇති සංචාරක ස්ථානයන් වේ.

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළේ මෙරට වෙරළ තීරය ආශ්‍රයෙන් තවත් එවැනි ස්ථාන හඳුනාගැනීමට කටයුතු කරන ලෙසයි.