31 C
Colombo
Tuesday, April 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsPoliticalනිමල් ලාන්සා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි?

නිමල් ලාන්සා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි?

ග‍්‍රාමීය මාර්ග හා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

සිය අමාත්‍යංශ ලේකම් වන මහාචාර්ය රංජිත් දිසානායක තමන්ට බාධා පමුණුවන බවත් ඒ හේතුවෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවත් නිමල් ලාන්සා ‘ඩේලි මිරර්’ පුවත්පත සමග පවසා තිබේ.

සිය පෞද්ගලික කාර්ය මණ්ඩලයට අමාත්‍යංශයෙන් ඉවත්වීමට තමන් මේ වනවිටත් උපදෙස් දී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් එහිදී අවධාරණය කළේය.

තමා අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළද මෙතෙක් සිය ඉල්ලා අස්වීම බාර දී නැති බව අමාත්‍යවරයා පැවසීය.