― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalපඬු කරඳ ගහ ඉවත් කළේ කැබිනට් අනුමැතියෙන් - බන්දුල

පඬු කරඳ ගහ ඉවත් කළේ කැබිනට් අනුමැතියෙන් – බන්දුල

මහත් ආන්දෝලනයට තුඩුදුන් ‘කෲඩියා සෙලනිකා’ හෙවත් පඬු කරඳ ගස ඉවත් කළේ කැබිනට් අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (11) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

පඬු කරඳ ගහ ගැන මම පූර්ණ වශයෙන් දැනුවත්. මධ්‍යම අධිවේගී මාර්ගය ඉතා විශාල ව්‍යාපෘතියක්. 2019දී රුපියල් කෝටියකින් කරන්න තිබුණු ව්‍යාපෘතිය අද කරන්න කෝටි 03ක්වත් අඩුම ගාණේ ඕනේ. අවාසනාවකට පඬු කරඳ ගහක් අරගෙන. මේක මෙතනින් ඉවත් කරන්න දෙන්නේ නැහැ. අවුරුදු එකසිය ගාණක් පරණයි කියාගෙන උද්ඝෝෂණ කරලා. වෙනස් විදියේ සිතියමක් ඇන්ඳා. මේ ගහ ඉතිරි කරලා ව්‍යාපෘතිය වෙනස් කළොත් රුපියල් බිලියන 15ක් පාඩු වෙනවා.

මේ ගැන මම අධ්‍යනයක් කළා. ඒ වාර්තා මට ලැබුණා. මේ ව්‍යාපාතිය අවට අවුරුදු 40ට වඩා වැඩි පඬු කරඳ ගස් 15ක් තිබෙනවා. උස අඩි 12යි 15යි අතර පඬු කරඳ ගස් 25ක් තිබෙනවා. ඕනේ නම් පෙන්වන්නම්. මේ එක ගහ වෙනුවට පඬු කරඳ ගස් 200ක් වගා කරන්න අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරලා තිබෙනවා. මේ කරුණු ටික මම කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නා. මේ ගස කැපීම සඳහා අනුමැතියක් ලබාදෙන්න කියලා. ගහ කපන්න අනුමැතිය දුන්නා. ඒ අනුව කැබිනට් අනුමැතියෙන් තමයි ගහ ඉවත් කරලා තියෙන්නේ. රජයේ ප්‍රතිපත්තිමය තීරණයක්.