― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalලබන වසර වන විට සියලුම විභාග නියමිත කාලය තුළ පැවැත්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේ...

ලබන වසර වන විට සියලුම විභාග නියමිත කාලය තුළ පැවැත්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණයි – අධ්‍යාපන ඇමති

ලබන වසර වන විට සියලුම විභාග නියමිත කාලය තුළ පැවැත්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

ඒ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (10) පැවති “ස්ථාවර රටකට සැවොම එක මගකට” ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“මෙම වසරට අදාළ අ.පො.ස උසස් පෙළ විභාගයත් දෙසැම්බර් මාසය වන විට පවත්වා අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම ලබන වසර වන විට සියලුම විභාග නියමිත කාලය තුළ පැවැත්වීම අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණයි”