― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalපොහොට්ටුවට හිරිහැර කළොත් පොළියත් එක්ක වන්දි ගෙවන්න වෙයි

පොහොට්ටුවට හිරිහැර කළොත් පොළියත් එක්ක වන්දි ගෙවන්න වෙයි

ජනතාවට සේවය කිරීමේදී ඕනෑම අභියෝගයක් බාර ගැනීමට තමන් සූදානම් බවත් මින් ඉදිරියට තම පාක්ෂිකයින්ට හිරිහැර කළොත් අනිවාර්යයෙන්ම පොළියත් සමඟ වන්දි ගෙවීමට සිදුවන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (16) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිනුවන්ගොඩ ආසන බල මණ්ඩලයට සහභාගී වෙමිනි.

පසුගිය වසරේ මැයි 9 වනදා අපි ආපසු අභියෝග ගැටළු වලට මුහුණ දීලා මේක සාර්ථක කර ගන්නේ කොහොමද කියලා කල්පනා කළා. 77 දීත් රෙජි මහතාගේ ගෙදර ගිනි තිබ්බා. එතුමා ඉතාම ක්‍රමානුකූලව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගන්න කටයුතු කළා. අරගලය ඉතාම සැලසුම් ගතව කරපු දෙයක්. ලංකාවෙම නිවාස 300 ක් ගිනි තිබ්බා. වැඩිම අලාභහානි කලේ ගම්පහ දිස්ත්‍රික්කයට හා මිනුවන්ගොඩ ආසනයටයි. අපේ ආසනයේ නිවාස 13ක් ගිනි තිබ්බා. පොහොට්ටුව රට පුරා ගිහිල්ලා පාක්ෂිකයෝ එකතු කරගෙන එක්ව තරග කරනවාද වෙනම තරග කරනවද කියලා සාකච්ඡා කරා. ඒ වෙලාවෙදි මිනුවන්ගොඩ අපි තමයි කිවුවේ වෙනම තරග කරමු කියලා. මම ඒක මහින්ද මහත්තයගේ මුහුණටත් කිවුවා.

පළාත් පාලන මැතිවරණයට අපි වෙනම තරග කළා. අපි දිනුවා. ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරමු කියලා යෝජනා කලේ මිනුවන්ගොඩ ආසනයේ අපි. පසුව මුළු රටේම එම මතවාදය හදලා ජනාධිපතිවරණයේදී වැඩි ඡන්ද තුන් ලක්ෂ හැට පන් දහසකින් ගෝඨාභය මහතා ගම්පහින් දිනෙව්වා. ගෙවල් ගිනි තියලා මිනී මරලා අපිව වට්ටන්න බැහැ. හොද සාර්ථක මිනිහෙක් වෙන්නේ වැටි වැටි නැගිටින අයයි.

77 අපේ ගෙවල් ගිනි තිබ්බා. 94 දි විරුද්ධ පාක්ෂිකයින්ගේ ගෙවල් ගිනි තියන්න අපි ඉඩ දුන්නේ නැහැ. හැබැයි මින් ඉදිරියට අපේ පාක්ෂිකයින්ට හිරිහැර කලොත් ඒවට පොලියත් සමග වන්දි ගෙවන්න වෙයි කියලා මම කියනවා. අපි දැන් ගේමට බැහැලා ඉවරයි. රට ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා. අපි අභියෝග වලට බයේ පැනලා දුවන්නේ නැහැ. අද ගෑස් පෝලිම් නැහැ. තෙල් පෝලිම් නැහැ. විදුලිය තියෙනවා. ඩොලරය ශක්තිමත් වෙනවා. 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටු වෙමින් තිබෙනවා. අපේ පක්ෂයේ මිනි මරපු අය නැහැ. අත්වල ලේ ගැවිලා නැහැ. අයි.ඩී. උස්සලා නැහැ. අපේ පක්ෂය මිනී මරපු නැති පිරිසිදු පක්ෂයක්”