― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalශ්‍රී ලංකාවේ බංකොලොත් බව සැප්තැම්බරයේ ඉවරයි

ශ්‍රී ලංකාවේ බංකොලොත් බව සැප්තැම්බරයේ ඉවරයි

ලබන සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව බංකොලොත්භාවයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වූ රටක් බවට පත්වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ දූෂණ විරෝධී පනත ක්‍රියාත්මක වීමෙන් වංචාව, දූෂණය නැති රටක් බවට ශ්‍රී ලංකාව පරිවර්තනය වන බවයි.

ශ්‍රී ලංකාවට ජී එස් පී බදු සහනය තවත් වසර හතරකට ලැබී තිබෙනවා.
ඒක ලොකු ජයග්‍රහණයක්. රටේ ආර්ථික ස්ථාවරතාවය ගැන ජාත්‍යන්තර විශ්වාසය තහවුරුවී තිබෙනවා. ඉතිහාසයේ ඇති වූ තත්වය යළි ඇති නොවීමට නීති රාමුව ස්ථාපිත කරනවා.

ඊ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කරනවා. රටේ ආර්ථිකය ශක්තිමත් වීම ගැන කිසිම සැකයක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කරුණු සපුරාලීමට වාතාවරණය සැකසී තිබෙනවා. ජාත්‍යන්තරයේ විශ්වාසයආයෝජන ප්‍රවර්ධනයට සංචාරක කර්මාන්තයේ සංවර්ධනයට යොදා ගත යුතුයි. අපි අද නිවැරදි ගමන් මඟක යනවා.”