― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeArtBarbie චිත්‍රපටයෙන් වාර්තාගත ආදායමක්

Barbie චිත්‍රපටයෙන් වාර්තාගත ආදායමක්

මෑතකදී එළිදැක්වූ Barbie චිත්‍රපටය ඇමෙරිකාව හා කැනඩාව තුළ 2023 වසරේදී මේ දක්වා එළිදැක්වුණු වැඩිම ආදායම් ලැබූ චිත්‍රපටය බවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

චිත්‍රපටයේ ආරම්භක සතිඅන්තයේදී එම කලාපය තුළ Barbie චිත්‍රපටය ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 155ක් බව ඇස්තමේන්තු කර ඇතැයි එම චිත්‍රපටයේ බෙදාහරින්නා වන වෝනර් බ්‍රදර්ස් සමාගම පවසයි.

තවද, මේ දින වල අතිජනප්‍රිය වී ඇති අනෙක් චිත්‍රපටය වන ක්‍රිස්ටොෆර් නෝලන් ගේ Oppenheimer චිත්‍රපටයද ඇමෙරිකාව තුළ සිය ආරම්භක සතිඅන්තයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 93.7ක් ලබා ඇත.

Barbie හා Oppenheimer චිත්‍රපට දෙකම ගතවූ සිකුරාදා දින ලොවපුරා එළිදැක්වුණු අතර, ගෝලීය වශයෙන් Barbie චිත්‍රපටය ඇමෙරිකානු ඩොලර් මිලියන. $337m ද, Oppenheimer චිත්‍රපටය ඩොලර් මිලියන 174.2ක්ද ආදායම් ලබා ඇති බව විදෙස් වාර්තාවල දැක්වේ.