27.2 C
Colombo
Tuesday, January 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalIMF එකඟතාවලින් 75 - 80% ඉටු කර අවසන්

IMF එකඟතාවලින් 75 – 80% ඉටු කර අවසන්

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා ඉටුකර ගනිමින් ඉදිරියට ගමනේ දී පාර්ලිමේන්තුවේ වැඩ කොටසින් 75% – 80%ක් පමණ මේ වන විටත් අවසන් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (24) රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පාර්ලිමේන්තුවේදී අභියෝගාත්මක අනුමත කර ගැනීම් රාශියක් තිබූ බවත් විවිධ පාර්ශ්ව විසින් විවිධ ප්‍රචාර මඟින් ජනතාව තුළ විශාල කුකුසක්, බියක්, කුතුහලයක් ඇති කළ පසුබිමක වුවද දේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය, දූෂණ විරෝධී පනත, මහ බැංකු පනත මෙන්ම බැංකු විශේෂ විධිවිධාන පනත ආදී පනත් රාශියක් පාර්ලිමේන්තුවේ දී සම්මතකර ගැනීමට හැකි වූ බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.