මෝඩි එනකොට කළු කොඩි දාපු අය අද ණයට ලැබුණු තෙල් නැව පිළිගන්න උත්සව තියන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පැවසීය.
ඊයේ (16) කල්මුණේ රෝහල වෙත අත්‍යවශ්‍ය රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක ‘සමගි ජන බලවේගයෙන් හුස්මක්’ වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 45වන පියවර ලෙස රුපියල් විසිනව ලක්ෂ අනූදහසක් (රු. 2,990,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ කල්මුණේ රෝහල වෙත පරිත්‍යාග කරනු ලැබීය.
ඒ අනුව රුපියල් 1,200,000 වටිනා Highflow Therapy Machine යන්ත්‍ර 2ක්, රුපියල් 295,000 වටිනා Multipara Monitor යන්ත්‍ර 2ක් පරිත්‍යාග කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු විපක්ෂ නායකවරයා කියා සිටියේ ණයට ඩීසල් ඉන්ධන නැවක් පසුගියදා ලංකාවට පැමිණි බවත් ඇමතිවරු ගොස් උත්සවයකුත් පවත්වා මේ ණයට ලැබුණු ඩීසල් ඉන්ධන නැව උත්සවාකාරයෙන් පිළිගත් බවත්ය.
දෛවයේ සරදම වන්නේ තම ඉල්ලීමට අනුව ඉන්දියාවේ ණය ආධාර යටතේ ඉකුත් කාලයේ හදපු නිවාස ව්‍යාපෘතිය විවෘත කරන්න මෝඩි අගමැතිතුමා ලංකාවට එනකොට එදා කළු කොඩි දාන්න කියපු ඇමතිවරුම මෙදා ණයට ලැබුණු තෙල් නැව පිළිගන්න යාමට වීම බවද විපක්ෂ නායකවරයා එහිදී පැවසීය.
ඒකාන්තවම තවත් දින කිහිපයක් යන්න කලින් නැවත වතාවක් තෙල් මිල ඉහළ දමන බවත් එය මේ ඉතිහාසයේ වැඩිම තෙල් මිල ඉහළ යාම විය හැකි බවත් ඔහු අවධාරණය කළේය.