― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalවිපක්ෂයේ හැසිරීම පිළිකුල් සහගතයි - නාමල්

විපක්ෂයේ හැසිරීම පිළිකුල් සහගතයි – නාමල්

අද වන විට විපක්ෂයේ වගකීම් විරහිත හැසිරීම පිළිබඳ පට්ට පිළිකුලක් ඇතිවන බවත්
අපේ රටේ විපක්ෂයේ හැසිරීම රාජ්‍ය බිඳ දමා හෝ ආණ්ඩු බලය ලබාගැනීමට කුමණ්ත්‍රණ කිරීම බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පස්සර ආසන බල මණ්ඩලයට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ බොහෝ රටවල ආණ්ඩු හා විපක්ෂය විසින් තම රටේ ආර්ථික හා දේශපාලනික අස්ථාවරත්වයට ඒකාබද්ධ විසඳුම් සොයන බවයි.

තම කණ්ඩායම සෑම විටම ප්‍රයෝගිකව කටයුතු කරමින් කොන්දේසි විරහිතව රාජ්‍ය ශක්තිමත් කිරිමට අවශ්‍ය සහය ලබා දී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවශ්‍ය ඕනෑම මොහොතක ආණ්ඩු බලයක් ලබාගැනීමේ හැකියාවක් පවතින බවත් එහෙත් ඊට ප්‍රථම ප්‍රමුඛතාවය රාජ්‍යයේ ආරක්ෂාව බව තමන් විශ්වාස කරන බවයි.