― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසංචාරක කර්මාන්තය නංවාලීමට රාත්‍රී ආර්ථිකයකට යා යුතුයි

සංචාරක කර්මාන්තය නංවාලීමට රාත්‍රී ආර්ථිකයකට යා යුතුයි

සංචාරක කර්මාන්තය නංවාලීමට සාම්ප්‍රදායික ක්‍රමවලින් මිදිය යුතු බවත් මළ නගරවලට (Dead Cities) සංචාරකයන් නොපැමිණෙන බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය.

රාජ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (01) ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

සංචාරක ව්‍යාපාරය නංවාලීමට නම් රාත්‍රී ආර්ථික ක්‍රමවේදයකට (Night Economy) යා යුතුයි. සංචාරකයෙක්ගේ ගමනාන්ත වන්නේ නිදහසේ සංචාරකයින්ට ජීවිතය විඳ ගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදීමේ ස්ථානයයි. එම නිසා සංචාරක ගමනාන්තයක් වන ස්ථාන රාත්‍රිය 10.00ට වහනවා නම් සංචාරකයින් පැමිණෙන්නේ නැහැ. මළ නගරවලට (Dead Cities) සංචාරකයෝ කොහොමත් පැමිණෙන්නේ නෑ. එම නිසා අපේ වෙරළ විඳින්න, සංචාරකයන්ට රාත්‍රිය පුරාම වෙරළේ ගත කිරීමට අවස්ථාව සලසා දිය යුතුයි. ඒ සඳහා නීති සකස් කළ යුතුයි.”