― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalපොඩි කාලේ කුට්ටම් බත් උයනවා වගේ ඇමතිකම් කරන්න බැහැ

පොඩි කාලේ කුට්ටම් බත් උයනවා වගේ ඇමතිකම් කරන්න බැහැ

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සිය පෞද්ගලික කාර්යය මණ්ඩලය අමාත්‍යාංශයෙන් ඉවත් කරගෙන අමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට සැරසෙන බවට නොයෙක් මාධ්‍ය හරහා සංසරණය වුණි.

නිමල් ලන්සා අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා ස්ටියේ,

“ඒක රාජ්‍ය ඇමතිතුමයි අමාත්‍යාංශ ලේකම්තුමයි අතර වෙච්ච ගැටලුවක්. එතන හිත් රිදීමක් තියෙන්නේ. අපි විශ්වාස කරනවා මේ වෙද්දි ඇමතිතුමාට ගැලපෙන වෙනත් අමාත්‍යාංශ ලේකම්තුමෙක් දාලා දෙයි කියලා.

නිමල් ලාන්සා ඇමතිතුමාටත් තිබුණා බඩුමුට්ටු අකුලගෙන යන්නේ නැතුව. පොඩි කාලේ කුට්ටම් බත් උයනවා වගේ අමතිකම් කරන්න බැහැ නේ. පොඩි කාලේ එහෙම කරන්න පුලුවන්. මං තරහම තරහයි. මං යනවා යන්න කියලා අපි චූටි කාලේ එහෙම නැඟිටලා ගියා. ඇමතිකම් එහෙම කරන්න බෑ.

ඒ නිසා මේ රජය ආරක්ෂා කරන එක අපි හැමෝගෙම වගකීමක්. ඒ ඇමතිතුමා කරපු දේ හරියි කියලා කියන්න පුළුවන් තත්ත්වයක් නෑ.”