― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalසජිත් බෑ කියලා ගිනස් වාර්තාවක් තිබ්බා - ජනපති

සජිත් බෑ කියලා ගිනස් වාර්තාවක් තිබ්බා – ජනපති

ආණ්ඩුවේ බලය ලබාදීම සඳහා ජනාධිපතිවරයෙක් වෙනත් අයෙකුට ආරාධනා කළේ ලෝකයේ පළමු වතාවට බවත් විපක්ෂ නායකවරයා එය ප්‍රතික්ෂේප කිරීමෙන් ගිනස් වාර්තාවක් තැබූ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) කොළඹ කිංග්ස්බරි හෝටලයේදී පැවැති ශ්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සංවිධානයේ 36 වන වාර්ෂික හමුවට එක්වෙමිනි.

ශක්තිමත් මූල්‍ය හා මානව ප්‍රාග්ධනයක් නොමැතිව රටක් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යා නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟිය යුත්තේ අපනයන මත පදනම් වූ තරගකාරී ආර්ථිකයක් මෙන්ම පෞද්ගලික අංශයට විවෘත වූ ආර්ථිකයක් තුළ බවත් ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේය.

හිටපු ජනාධිපතිවරයා රට භාරගන්නා ලෙස මට ආරාධනා කළා. මම තනතුරු ඉල්ලුවේ නැහැ. නමුත් එදා රට තිබුනේ අර්බුදයකයි. රට නැවත ගොඩගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. රට තුළ දේශපාලන හා ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමෙන් පසු රට පැවති තැනට නැවත ගෙන ඒමට අවශ්‍ය පියවර ගැනීමට මම කටයුතු කළා. ඒ අනුව මාසයක් ඇතුළත රටේ ආර්ථික අර්බුදයට කෙටි කාලීන විසඳුම් ලබාදීමට හැකි වුණා. පෝලිම් යුගය අවසන් කෙරුණා.”