― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅපේ භාණ්ඩාගාරයේ පිච්චියක් නෑ - ඇමති බන්දුල

අපේ භාණ්ඩාගාරයේ පිච්චියක් නෑ – ඇමති බන්දුල

අපේ භාණ්ඩාගාරයේ පිච්චියක් නොමැති බවත් ලැබුණු මුදල් ටිකෙන් සෑම මාසයකම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් හා විශ්‍රාම වැටුප්, සමෘද්ධිය ඇතුළු සහනාධාර, ණය සඳහා පොලී ගෙව්වට පසු කිසිවක් ඉතුරු නොවන බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ආසියානු සංවර්ධන බැංකු ආධාර මත ක්‍රියාත්මක ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ සංවර්ධනය කරන ලද කිලෝ මීටර 48 ක් දුර තලාව-කැකිරාව ප්‍රධාන මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

දැන් ගෙවන්න බැරි ණය තියෙනවා කල් පිරිලා ඇමරිකානු ඩොලර් බිලියන 36 ක්. ඒක මේ තියෙන ඒවා විකුණලා ගෙවන්න බෑ. හම්බන්තොට වරාය විකුණුවාම ලැබුනේ 1.4 යි. ලංකාවට හම්බුණ ලොකුම ව්‍යාපෘතිය අර මුහුද ගොඩ කරපු පෝට් සිටි එක, ඇමරිකාණු ඩොලර් බිලියන 1.4 යි. මේ දෙකම 2.8 යි, අනෙක් මොනවද විකුණන්නේ 36 ක් ගෙවන්න .ඒකට ක්‍රමවේදයක් කථා කරගන්න ඕන.මුදල් අමාත්‍යංශය, මහ බැංකු ලෝකය පුරාම ගිහින් මේ ණයකාරයෝ එක්ක කථා කරනවා මේක ප්‍රථිව්‍යූහගතකරණය කරන්න. ඒ කළාමත් මේ බිලියන 36 ඉතිරි අවුරුදු 5-6 තුළ ගෙවන්න තියෙන්නේ 37% යි.

අවුරුදු 6-20 ත් අතරදී ගෙවන්න ඕන තව 51% ක් ණය වලින්, 20 නුත් පස්සේ ගෙවන්න ඉතුරු වෙනවා 12% ක්, දැන් අපි ඉන්නේ 2023 දී, 2048 වන තුරුත්, මේ හිර වෙලා තියෙන ණය තොගය ගෙවන්න තියෙනවා. අලුතින් ගත්ත ඒවා නෙමෙයි හිර‌ වෙලා තියෙන තොගය. ඒ නිසා කවුරු හරි රටේ ආණ්ඩු කරන්න හිතන දේශපාලන පක්ෂයක් තියෙනවා නම් රටේ ආණ්ඩු කරන්න මාසයක් හරි බලාපොරොත්තු තියෙන කෙනෙක් ඉන්නවා නම් 2048 වෙනකල්ම රටේ මිනිස්සුන්ට කියන්න ඕන මේ අරන් තියෙන, ගෙවන්න තියන ණය ටික අපි ගෙවන්නේ මෙන්න මෙහෙමයි කියලා.

හෙම කියන්නේ නැත්නම්, එක්කෝ මෝඩකමට, එක්කෝ නොදැනුවත්කමට,ඒක්කෝ කුහකකමට, එහෙම නැත්නම් ඒක තමන්ගේ මහ පොළොවේ යතාර්ථය පිළිබඳ තියෙන අවම අවබෝධය නිසා තමයි එසේ නොකියා ඉන්නේ. මේ ඇත්ත රටේ ජනතාවට කියන්නේ නැතිව ආණ්ඩු ඉල්ලනවා නම්, දේශපාලනය කරනවා නම් ඒක නොකළ යුතු කාරණයක්.”