― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeWeatherවියළි කාලගුණයෙන් 190,000ක් පීඩාවට

වියළි කාලගුණයෙන් 190,000ක් පීඩාවට

මේ වනවිට නියඟයෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 190,000 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

විශේෂයෙන් වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 15ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 52ක ජනතාවට පානීය ජල හිඟයකට මුහුණ පෑමට සිදුව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ.

මේ අනුව එම ප්‍රදේශවල පවුල් 54,979කට අයත් පුද්ගලයන් 183,038ක් පීඩාවට පත්ව සිටිති.

උතුරු පළාතේ පුද්ගලයින් 75,287 දෙනෙකු පමණක් පීඩාවට පත්ව ඇති අතර ඉන් 70,238 දෙනෙකු යාපනය දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වේ.