― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalමධ්‍යම අධිවේගයෙන් කෝටි 16,440ක් ගසාකාලා

මධ්‍යම අධිවේගයෙන් කෝටි 16,440ක් ගසාකාලා

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගලගෙදර – රඹුක්කන කිලෝමීටර් 20ක කොටසින් රුපියල් කෝටි 16,440ක දැවැන්ත මූල්‍යමය වංචාවක් සිදුවී ඇති බව දුෂණ විරෝධී හඬ කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ අනාවරණය කළේ ය.

එය මෙරට මහ බැංකු බැඳුම්කර වංචාව මෙන් දස ගුණයකටත් අධික වංචාවක් බව සමරසිංහ මහතා පෙන්වා දුන්නේය. මෙම ගලගෙදර – රඹුක්කන අධිවේගී මාර්ග කොටසට ලංසු කැඳවා ඇති සමාගම් දෙකක් වන්නේ චීන සමාගමක් වන මෙටලර්ජිකල් කෝපරේෂන් (MCC) හා ලංකා යටිතල පහසුකම් සංවර්ධන සමූහය (LIDC) යන සමාගම් දෙක වන අතර අදාළ චීන සමාගම එයින් ගලවා ඇති බවද ඔහු පෙන්වා දුන්නේ ය.

මෙම ගනුදෙනුවට අනුමැතිය දී ඇත්තේ CAMC ආයතනය වන අතර ටෙන්ඩරයට අදාළ ලංසු කැඳවීම හා අනිකුත් කොන්ත්‍රාත් කටයුතු පිළිබඳ පසුගිය දා කළ අධීක්ෂණයකට අනුව අදාළ ටෙන්ඩරය චීන සමාගමට දීමට කටයුතු යොදා ඇත්තේ ඩොලර් මිලියන 1050කට වන නමුත් එය ලංකාවේ සමාගමට ඩොලර් මිලියන 1872 (කිලෝමීටරයක් ඩොලර් මිලියන 92ක) මුදලකට ලබා දීමට එකඟ වී ඇති බව අනාවරණය වී තිබෙන බවත් එතැනදී ඩොලර් මිලියන 822ක ප්‍රබල වංචාවක් සිදු වන බවත් ඒ මහතා අනාවරණය කළේ ය.

කෙසේ නමුත්, මෙවැනි ගනුදෙනුවකදී යම් සමාගමක ටෙන්ඩරයක් අහෝසි කිරීමේ බලය ඇති වුවත් මීට අදාළ විවෘත ටෙන්ඩර් කැඳවීමක් අනිවාර්යයෙන් කළයුතු බවද ඔහු කීය.

ඉහත කී CAMC ආයතනය විසින් මීට අදාළ කැබිනට් පත්‍රිකාව නීතිපතිට ඉදිරිපත් කරන්න නියෝග කර ඇති නමුත් එය එසේ නොකොට අධිවේගී මාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා හැර අනෙක් නිලධාරීන් එම ආයතනයෙන් ඉවත් කරගෙන ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

මෙය හරියට අවසන් භෝජන සංග්‍රහය වැනි දැවැන්ත හූරාකෑමක් බවත් මින් භාණ්ඩාගාරයේ විදේශ සංචිත සියල්ල ඉවර වන බවත් පැවැසූ සමරසිංහ මහතා පෙන්වා දුන්නේ මීට අදාළ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ මහාමාර්ග ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු වන අතර ඔහු විසින් ජනාධිපති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේද නාසය විද ඇති බව ය.

මාර්ග දෙකක් ඉදිකරන මුදල් එක් මාර්ගයක් වෙනුවෙන් වියදම් කිරීමට ඩොලර් නෑ කියන රටේ මුදල් තිබෙන්නේ කොහේ ද යන්න සමරසිංහ මහතා ප්‍රශ්න කළේ ය.

මීට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා අතර ඉදිරි දින කිහිපය තුළ අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කරන බව ද ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ය.