25.6 C
Colombo
Sunday, August 3, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalකිසිම මන්ත්‍රීවරයෙක් තීරුබදු රහිත වාහන ඉල්ලලා නෑ

කිසිම මන්ත්‍රීවරයෙක් තීරුබදු රහිත වාහන ඉල්ලලා නෑ

වර්තමාන පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකු තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන මෙන් මුදල් අමාත්‍යාංශයට ඉල්ලීමක් යොමු කර නොමැති බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

තීරුබදු රහිත වාහන ගෙන්වීම සඳහා අවසර ලබාදෙන මෙන්, මුදල් අමාත්‍යාංශයට කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලීම් කර නැහැ. ඒ ඒක්කම එවැනි ප්‍රවෘත්ති පළ කිරීමේදී, මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු යැයි සඳහන් කරනවාට වඩා වගකීමෙන් යුතුව පළ කිරීම ඉතා වැදගත්.

ඒ අනුව තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන මෙන් හෝ වාහන ගෙන්වීම සඳහා අවසර ලබා දෙන මෙන් වර්තමාන පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකු, මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීම් කර නැතැයි වැඩ බලන මුදල් අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.