― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරජයේ සේවකයින්ට උසස්වීම් දිය යුත්තේ හැකියාව අනුවයි

රජයේ සේවකයින්ට උසස්වීම් දිය යුත්තේ හැකියාව අනුවයි

රාජ්‍ය සේවයේ වගකීම සහ වගවීම නැති නිසා රටේ ජල කළමනාකරණ ප්‍රශ්නය මේ තරමට උග්‍ර වී තිබෙන බව වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ රටක් හැටියට නැගිටින්න නම් මෙරට රාජ්‍ය සේවකයන්ගේ සේවා කාලය අනුව නොව හැකියාව අනුව උසස්වීම් ලබා දිය යුතු බවත් හරියට රැකියාව නොකරන කෙනාට දඬුවම් දෙන්නත් රැකියාව කරන කෙනාට ඇගයීම් කරන්නටත් හැකි ක්‍රමවේදයක් හැදුවේ නැතිනම් රට ඉදිරියට ගෙන යා නොකැහි බවත්ය.

තම අමාත්‍යාංශය පැත්තෙන් යම් නිලධාරියෙක් වගකීම සහ වගවීම ඉටුකර නැතිනම් ඒ සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට කටයුතු කර තිබෙන බව පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ මේ සම්බන්ධව අමාත්‍යාංශ ලේකම් හරහා විමර්ශනයක් කොට අදාල ක්‍රියාමාර්ග ගන්නා බවයි.