නිධානයක් උඩ ඇවිදිමින් පැමිණි ශ්‍රී ලංකාව පසුගිය අවුරුද්දේ බංකොලොත් වූ රටක් වූ බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පැවසුවාය.
ඇය මේ බව සඳහන් කළේ අද (22) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරිය කියා සිටියේ ලංකාව රජවරු එකසිය ගණනක්ද, දොරටු පාලකයෙක් සහ හොරු හත් දෙනෙක් පාලන කළ රටක් බවයි.
කරුණාකර ඇල්කොහොල්වල මිල අඩු කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේ ගල් අරක්කු මිල වැඩි නිසා මිනිසුන් ගෙවල්වල කසිප්පු පෙරාගෙන බොන බවයි.