27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඅපි ගිනි කන්දක් උඩ ඉඳගෙන සොසේජස් කන ජාතියක්

අපි ගිනි කන්දක් උඩ ඉඳගෙන සොසේජස් කන ජාතියක්

අපි ගිනි කන්දක් උඩ තාච්චියක් තියාගෙන සොසේජස් බැදගෙන කන ජාතියක් බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (23) පාර්ලිමේන්තු විවාදයේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ කාගේ ආණ්ඩුව තිබුණත් එදිනෙදා වියදම් පවා පියවා ගැනීමට ප්‍රමාණවත් ආදායමක් ලංකා ආණ්ඩුවට නොතිබුණු බවත් මුළු ආදායම ප්‍රමාණවත් වී තිබෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විශ්‍රාම වැටුප්, සමෘද්ධි ආධාර මෙන්ම රාජ්‍ය ණය පොලී ගෙවීමට පමණක් බවත්ය.

ණය නොගෙවුව හොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ ආයතන විසින් රට පහත හෙලා කිසිම දෙයක් ගෙවන්න බැරි රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කරනු ඇති බව පැවසූ අමාත්‍යවරයා අවධාරණය කළේ එවිට මහ රජ්ජුරුවෝ ලංකාවේ ජනාධිපති වුණත් ජාත්‍යන්තරය ණයවර ලිපි පිළිගන්නේ නොමැති බවයි.