― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalපාඨලීගෙන් ජනපතිට අභියෝගයක්

පාඨලීගෙන් ජනපතිට අභියෝගයක්

ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවේ පවතින වරම මත සිය ධූර කාලයේ සිටීම හරිද වැරදිද යන්න සෙවීම සඳහා හැකි නම් ජන මත විචාරයක් පවත්වන ලෙස අභියෝග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (20) පස්වරුවේ අනුරාධපුරයේදී පැවති හතලිස් තුන්වන සේනාංකයේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අමතමින්ය. එහිදී වැඪිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මෙසේද කීය.

“මීට පෙර අපේ රටේ විදුලිය කපා දැමීමට සිදු වුනේ වැසි නොලැබීම වැනි ස්වභාවික විපත් හේතුවෙන්, ඒත් දැන් විදුලිය කපන්න සිද්ධ වෙලා තියෙන්නෙ ඩොලර් නැති නිසයි, ඩොලර් නැති නිසා විදුලිය කපපු එකම රජය, වර්තමාන රජයයි.

රටට දරා ගත නොහැකි පොලී ක්‍රමයක් යටතේ ණය ලබා ගැනීමත් ප්‍රයෝජනයක් නොමැති ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීමත්, එම ණය මුදල් වංචා කිරීමත් හේතුවෙන් වත්මන් ඩොලර් හිඟය ඇති වී තිබෙනවා.

මේ වන විට එම ඩොලර් හිඟය මඟ හරවා ගැනීම සඳහා ඖෂධ වර්ග අසූවක් මේ රටට ගෙන්වීම, කිරිපිටි, පොහොර, ඉන්ධන සහ ගෑස් ගෙන්වීම නතර කිරීමට රජය කටයුතු කර තිබෙනවා. මෙරටට අනවශ්‍ය ලෙස ගුවන් යානා මිලදී ගැනීමේදී ලබා ගත් ණය ගෙවීමට ද පසුගියදා රජය කටයුතු කළා.

මෙරට ලබා ගත් ණය හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළදී ඩොලර් කෝටි දෙසීයක් ගෙවීමට රජයට සිදුව ඇති තිබෙනවා. එම ණය ගෙවීමට රජයට වැඩ පිළිවෙලක් නැහැ. රජයට ඇති එකම වැඩ පිළිවෙල තමයි ජාවාරම් සිදු කිරීම.

වර්තමානයේ සිදු කරන හදිසි ඉන්ධන ඇණවුම් වලින්ද කරන්නෙත් මුල්‍ය වංචාවයි, මේ වන විට එතනෝල් කර්මාන්ත ශාලාවක් වෙනුවෙන් මොනරාගල ප්‍රදේශයේ අක්කර හැට දහසකට වඩා ප්‍රදේශයක් එළි කරමින් සිටිනවා.

පැවති එල්ටීටීඊ ත්‍රස්තවාදීන් මුදල් ගනු දෙනු කිරීම සඳහා පවත්වා ගෙන යනු ලැබූ ක්‍රමවේදයන් අනුමත කරමින් මුදල් ජාවාරම් සිදු කිරීමට රජය කටයුතු කරනවා. නව ආණ්ඩුවක් බිහිවනතෙක් කිසිදු විදේශ ආයෝජකයෙකු “පෝර්ට් සිටි” වල ආයෝජනය කරන්නේ නැහැ.

වත්මන් රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගන්නේ මේ නායකයින්ට අවශ්‍ය ලෙස මුදල් ගසා කෑමට ඇති බිය නිසයි. නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට නම් පාර්ලිමේන්තුවට නැවත විසි එක්වන සංශෝධනයක අවශ්‍යතාවය තිබෙනවා .

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවීම හේතුවෙන් එළඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී ශ්‍රී ලංකාවට විරුද්ධව අධිචෝදනා පත්‍රයක් ඉදිරිපත් වීමට නියමිතයි. මේ හේතුවෙන් ජි.එස්.පී සහනය ඉවත් කළ හොත් මෙරටට ලැබෙන ඩොලර් ප්‍රමාණය ද නැති වී යනවා.

ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවේ පවතින වරම මත සිය ධූර කාලයේ සිටීම හරිද වැරදිද යන්න සෙවීම සඳහා හැකි නම් ජන මත විචාරයක් පවත්වන ලෙස අභියෝග කරන කරනවා.”