27.8 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalරට බංකොලොත් කළ අයම රට හදනවා කීම විහිළුවක්

රට බංකොලොත් කළ අයම රට හදනවා කීම විහිළුවක්

රට බංකොලොත් කළ පුද්ගලයන්ම රට හදනවා යැයි කීම විහිළුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

අද (30) විපක්ෂ නායක කාර්යාලයේදී අස්වැසුම වැඩසටහන නිසා අපහසුතාවට පත් ග්‍රාමනිලධාරීන් සමඟ සිදු කළ සාකච්ඡාවකදීයි විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස කියා සිටියේ සම්පූර්ණයෙන්ම අවුල් වියවුල් වූ ආණ්ඩුවට අස්වැසුම වැඩසටහනට හරි වැඩපිළිවෙළක් නොමැති බවත් ඔවුන්ගේ ඉලක්කය ඊළඟ මැතිවරණය බවත්ය.

බොරුව වංචාව හොර ගණුදෙනු ඇතුළත් ආණ්ඩුවේ දේශපාලන සූදුව නතර නොවී බංකොලොත්භාවයෙන් රට ගොඩ ඒමට නොහැකි බවත් විපක්ෂ නායකවරයා එහිදී සඳහන් කළේය.