― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalඅලුත් ජනාධිපති ලබන වසරේ දිවුරුම් දෙනවා - ජී.එල්. පීරිස්

අලුත් ජනාධිපති ලබන වසරේ දිවුරුම් දෙනවා – ජී.එල්. පීරිස්

ආණ්ඩුවේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ලබන වසරේ අනිවාර්යෙන්ම ජනාධිපතිවරණය පැවැත්වීමට සිදුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ අද (04) නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ලබන වසරේ නොවැම්බර් මස අභිනව ජනාධිපතිවරයා දිවුරුම් දෙන බවයි.

ආණ්ඩුව නොයෙකුත් ව්‍යාජ හේතු දක්වමින් පළාත් පාලන සහ පළාත් සභා මැතිවරණ කල්දැමුවත් ජනාධිපතිවරණය කල් දැමිය නොහැකි බවත් ජනාධිපතිවරණය කල්දැමීම ජනමත විචාරණයකින් කළ නොහැකි බවත් හෙතෙම එහිදී අවධාරණය කළේය