― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalඊශ්‍රායල් රැකියා සඳහා කිසිම කෙනෙක්ට මුදල් දී අහුවෙන්න එපා - මනූෂ

ඊශ්‍රායල් රැකියා සඳහා කිසිම කෙනෙක්ට මුදල් දී අහුවෙන්න එපා – මනූෂ

ඊශ්‍රායලයේ හා ශ්‍රී ලංකාවේ සිටින ඇතැම් වංචාකරුවන් ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා විශාල වශයෙන් මුදල් අයකරන බවත්, විදේශ රැකියා ඇමතිගේ නෑදෑයෙකු, හිතමිත්‍රයෙකු යැයි කියාගනිමින් මෙම වංචාවන් සිදුකරන බැවින් කිසිඳු පුද්ගලයෙකුට ඊශ්‍රායල් රැකියා සඳහා මුදල් ලබානොදෙන මෙන් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඉල්ලා සිටියි.

ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා සුදුසුකම් ලබා ඊශ්‍රායල් දත්ත පද්ධතියේ රැදි සිටින අයදුම්කරුවන් 590 දෙනෙකු පසුගියදා (01) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී හමුවූ අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් මේ බව ප්‍රකාශ කළේය.