26.7 C
Colombo
Friday, August 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalසාගල රත්නායක යාපනය නල්ලූර් කෝවිලේ තේරු මංගල්‍යයට එක් වෙයි

සාගල රත්නායක යාපනය නල්ලූර් කෝවිලේ තේරු මංගල්‍යයට එක් වෙයි

යාපනයේ සංචාරයක නිරත වූ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඊයේ (13) පෙරවරුවේ යාපනය, ඓතිහාසික නල්ලූර් කන්දස්වාමි කෝවිලේ පැවති තේරු මංගල්‍යයට සහභාගි වී ආශිර්වාද ලබා ගත්තේය.

නල්ලූර් කන්දස්වාමි කෝවිලේ වාර්ෂික තේරු මංගල්‍යය ඊයේ පෙරවරුවේ විශේෂ පූජාවන් සමඟින් ආරම්භ විය.

තේරු පෙරහැර නැරඹීමට ද එක්වූ සාගල රත්නායක මහතා, අනතුරුව කෝවිලේ පැවති ආගමික වතාවත්වලට සහභාගි විය.

පසුව සාගල රත්නායක මහතා උතුරු පළාතේ හින්දු ආගමික නායකයන් සමඟ සාකච්ඡාවකට ද එක් විය.

හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියාය.