26.1 C
Colombo
Monday, March 23, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWeatherදිස්ත්‍රික්ක 03කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 03කට නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 03ක ප්‍රාදේශිය ලේකම් 05කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට රත්නපුර සහ ඇහැලියගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට මෙම නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කර ඇති බවයි.

මෙම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස තුළ පසුගිය පැය 24 ක කාලය තුළ මිලිමීටර් 75 ඉක්මවූ වර්ෂාපතනයක් වාර්තා වී ඇති බැවින් තවදුරටත් වැසි පවතී නම් නාය යෑමේ අවදානම ගැන විමසිලිමත් වන්නැයිඑම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් ඉල්ලා සිටියි.