― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalරට හොඳ තැනකට ගන්න අපිට පුළුවන් - සියඹලාපිටිය

රට හොඳ තැනකට ගන්න අපිට පුළුවන් – සියඹලාපිටිය

ආර්ථිකය ඍණවීමට බලපා ඇති කරුණු පිළිබඳව රජය වැඩි අවධානයක් යොමුකර ඇති බවත් ඉදිරියේදී රට මීට වඩා හොඳ තැනකට ගැනීමට හැකිවේ යැයි බලාපොරොත්තුවක් තිබෙන බවත් වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මේ වසරේ පළමු කාර්තුවට වඩා දෙවන කාර්තුවේ දී ආර්ථිකයේ හැකිළීම අඩු මට්ටමක පවතින බවයි අමාත්‍යවරයා එහිදී කියා සිටියේ.

“අපිට ධනාත්මක බලාපොරොත්තු ඇති කර ගන්න පුළුවන් 11.5ක් පළමු කාර්තුවේ ඍණවීම 3.1කට දෙවන කාර්තුවේදී අපිට යන්න පුළුවන් වුණා. ඒ වගේම මේ ඍණවීම්වලට බලපාන කරුණු කෙරෙහි දැන් රජය අවධානය යොමුකරලා කටයුතු කිරීම තුළ. දැන් අපි බලමු ඉදිකිරීම් කර්මාන්තයේ තමයි වැඩිම අඩුවීම සිදුවෙලා තියෙන්නේ. කර්මාන්ත ක්ෂේත්‍රයට,මේ දිනවල රජය විශාල වෙහෙසක් දරනවා මේ ඉදිකිරීම් ද්‍රව්‍ය පුළුවන් තරම් සුලභ කරලා මිල අඩුකිරීම කෙරෙහි. එහි ධනාත්මක බලපෑම අපිට ඉදිරියේදී බලාගන්න පුළුවන් වේවි. ඒ වගේම මූල්‍ය සේවා අංශය මේ බැංකු කටයුතු සංකෝචනය වෙන්න ප්‍රධාන වශයෙන් බලපාපු කරුණක් තමයි පොලී අනුපාතය. මහ බැංකුව මැදිහත් වෙලා දිගින් දිගටම ගන්න පොලිය අඩුකිරීමට දරන වෑයමත් එක්ක ඒ අංශයත් අපිට ඉදිරියේදී වර්ධනාත්මක තත්ත්වයක් බලාගන්න පුළුවන් වේවි. ඒ වගේම ආහාරපාන සහ නවාතැන් කියන අංශයේ ධනාත්මක තත්ත්වය තවත් ධණවීම විශේෂයෙන් මේ සංචාරකයින් පැමිණීම වැඩිවීමත් එක්ක අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ අනුව, අපිට මේ වර්ශයේ පළවෙනි කාර්තුවට වැඩිය දෙවන කාර්තුව යම් තැනකට ඇවිල්ලා තියෙනවා. තුන්වෙනි කාර්තුව සහ හතරවෙනි කාර්තුව ඊට වඩා හොඳ තැනකට යන්න අපිට හැකිවේවි කියලා අපිට බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්.”