― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPolitical“අලුත් ශ්‍රී ලංකාවක් සඳහා ප්‍රවේශයක්” විදේශ ප්‍රතිපත්ති විවරණය එළිදැක්වේ

“අලුත් ශ්‍රී ලංකාවක් සඳහා ප්‍රවේශයක්” විදේශ ප්‍රතිපත්ති විවරණය එළිදැක්වේ

ෆැක්ටම් චින්තන පර්ෂදය විසින් ” අලුත් ශ්‍රී ලංකාවක් සදහා ප්‍රවේශයක්” නමින් විදේශ ප්‍රතිපත්ති විවරණයක් එළිදැක්වීම ඊයේ (19) කොළඹ ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයේදී සිදු විය.

කෘතියේ කතුවරයා වන උදිත දේවප්‍රිය මහතා විසින් එම කෘතියේ පිටපතක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා වෙත පිළිගැන්වීය.

මෙම උත්සවය අමතමින් අදහස් දැක්වූ ෆැක්ටම් හි අධ්‍යක්ෂ සහ උපදේශක ආචාර්ය රංග කලංසූරිය මහතා කියා සිටියේ රටේ පළාත් නවයම ආවරණය වන පරිදි පවත්වන ලද උපදේශන වැඩමුළු සහ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවල තොරතුරු මෙම ග්‍රන්ථය සම්පාදනය කිරීම සදහා පදනම් කරගෙන ඇති බවයි.

රාජ්‍ය තාන්ත්‍රික සේවයේ සාමාජිකයින්, විදේශ අමාත්‍යාංශයේ විශ්‍රාමික ලේකම්වරු, තානාපතිවරුන් ඇතුළු කීර්තිමත් නිලධාරීන්, ත්‍රිවිධ හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් සහ පරිපාලන සේවා නිලධාරීන් සමඟ කතුවරයා විසින් සිදු කරන ලද ගැඹුරු සම්මුඛ සාකච්ඡා මෙම ග්‍රන්ථයට ඇතුළත්ය.

මෙම ව්‍යාපෘතියට සම්බන්ධ සියලුම පර්යේෂකයන් වයස අවුරුදු 30ට අඩු අය වීම විශේෂත්වයක් වන අතර ඔවුන් ශ්‍රී ලංකාවේ පළාත් නවයම ආවරණය වන පරිදි ක්ෂේත්‍ර පර්යේෂණ සඳහා කැප වූ බවත් මෙම සියලු කටයුතු ජනාධිපතිවරයාගේ ඩිජිටල්කරණය වූ රටක් පිළිබඳ දැක්මට සමපාත වන බවත් රංග කලංසූරිය මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය ආශ්‍රිත කතිකාවේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අනාගතය සඳහා රටේ උපායමාර්ගික දිශානතිය හැඩගස්වන බවට වු සහතිකයක් මෙම ග්‍රන්ථය හරහා ලබා දී තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.