― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalආර්ථිකය ගොඩනැඟීමට රජය ගෙන යන ශක්තිමත් වැඩපිළිවෙළ නිසා උද්ධමනය 62.1%කින් අඩු වෙලා

ආර්ථිකය ගොඩනැඟීමට රජය ගෙන යන ශක්තිමත් වැඩපිළිවෙළ නිසා උද්ධමනය 62.1%කින් අඩු වෙලා

නව ප්‍රතිසංස්කරණ රැසක් සමඟ රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන ශක්තිමත් වැඩපිළිවෙළ නිසා ගතවූ වසරක් වැනි කාලයක් තුළ මෙරට උද්ධමනය 62.1%කින් අඩු වී ඇති බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

2022 වසරේ පළමු සහ දෙවන කාර්තු වන විට 66.7%ක්ව පැවැති උද්ධමනය 2023 වසරේ එම කාලසීමාව වන විට 4.6%ක් දක්වා අඩු කර ගැනීමට සමත්ව තිබෙන බව ද  අමාත්‍යවරයා  පෙන්වා දුන්නේය.

වැඩබලන මුදල්  අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (21)  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.