― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalගොඩනැගෙමින් තිබෙන රට ජාතිවාදී ගැටුමකට ඇද දමන්න එපා - සමන් රත්නප්‍රිය

ගොඩනැගෙමින් තිබෙන රට ජාතිවාදී ගැටුමකට ඇද දමන්න එපා – සමන් රත්නප්‍රිය

රට තුළ යළිත් ජාතිවාදී ගැටුම් ඇති කර සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට ඇතැම් දේශපාලන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.

තිස් වසරක යුද්ධයෙන් සහ පාස්කු ප්‍රහාරයෙන් රට දේශපාලනික වශයෙන් මෙන්ම ආර්ථිකමය වශයෙන් කඩාවැටීමකට ලක් වූ බවත්, එම අඳුරු යුගය නිමා කර යළි ගොඩනැඟෙමින් සිටින රටකට යළිත් ජාතිවාදී ගැටුම් අවශ්‍ය නොවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපති වෘත්තීය සමිති සබඳතා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා මේ බව සඳහන් කර සිටියේ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව විසින් අද (22) කොළඹ දී සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.