මාධ්‍යවේදියා - 07:06


English English සිංහල සිංහල

 

- Advertisement -spot_imgspot_img

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්

යුක්රේනයට ඇමරිකානු ඩොලර් බිලියන 33ක යුධමය, ආර්ථික සහ මානුෂීය ආධාර ලබා දීමට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් තීරණය කර තිබේ. ඊට අදාළ යෝජනාව ජනාධිපතිවරයා විසින් ඇමරිකානු කොංග්‍රසය වෙත ඉදිරිපත් කර ඇති අතර යුක්රේනයට ආත්මාරක්ෂාව සලසා ගැනීම සඳහා සහය වීමට එය තීරණාත්මක වන බව ජෝ බයිඩ්න් අවධාරණය කළේය. ඒ අනුව ඩොලර් බිලියන 20ක යුධ ආධාර, බිලියන 8.5ක ආර්ථික ආධාර සහ ඩොලර් බිලියන 3ක මානුෂිය ආධාර ලබාදීමට ඇමරිකානු ජනාදිපතිවරයා යෝජනා කර තිබේ.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අද (02) ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළේය. එහිදී ඔහු රුසියානු – යුක්රේන අර්බුදය පිළිබදව අදහස් දැක්වමින් කියා සිටියේ යුක්රේනයට අත්ව ඇති ඉරණමට ඒකාධිපතියන්ට වන්දි ගෙවීමට සිදු වන බවයි. බටහිර රටවල එකමුතුව අවතක්සේරු කරන ලද පුද්ගලයින්ට වර්තමානයේ ඒ සදහා සුබවාදී පණිවුඩයක් ලබාදී ඇති බවටද ඇමරිකානු ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය. එමෙන්ම ඇමරිකානු ගුවන් කලාපය රුසියානු යානා සඳහා තහනම් කිරීමටද පියවර ගන්නා බව ඔහු කියා සිටියේය. https://youtu.be/mVIXLQrC9rE
- Advertisement -spot_imgspot_img

Must Read

- Advertisement -spot_img