මාධ්‍යවේදියා - 05:06


English English සිංහල සිංහල

 

- Advertisement -spot_imgspot_img

පාර්ලිමේන්තුව

පාර්ලිමේන්තු කටයුතු අද (21) සහ හෙට (22) යන දිනයන්හි පමණක් පැවැත්වීමට තීරණය කර තිබේ. අද රැස්වූ පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව එම තීරණය ගෙන ඇති අතර උද්ගතව ඇති ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. නැවති පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනය පසුව තීරණය කරනු ඇත.
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව දැඩි කර ඇති බව පාර්ලිමේන්තු ආරක්ෂක අංශ සඳහන් කරයි. පාර්ලිමේන්තුව පිවිසුම් මාර්ග වලද දැඩි පොලිස් රැකවල් යොදා තිබෙන බව වාර්තා වෙයි. අද (21) පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස් විය.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනා කෙටුම්පත අද (23) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. එම යෝජනා කෙටුම්පත සම්බන්ධයෙන් දැනටමත් නීතිපතිවරයා සමඟ සාකච්ඡා කර ඇති බවත් එය අමාත්‍ය මණ්ඩලයේ අනුමත වූ පසු නීතිපතිවරයාගේ යළි අනුමැතියට ඉදිරිපත් කර ගැසට් කිරීමට පියවර ගන්නා බවත් අධිකරණ අමාත්‍ය ආචාර්ය නීතිඥ විජයදාස රාජපක්ෂ පවසයි. මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් කෙටුම්පත සකස් කිරීම සඳහා අග‍්‍රාමාත්‍යවරයා, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, නිමල් සිරිපාලද සිල්වා, නීතිපති, නීති කෙටුම්පත් සම්පාදක සහ තවත් නීතීඥවරුන් කිහිප දෙනෙකු සම්බන්ධ වී තිබේ. මෙම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් තවත් ස්වාධීන කොමිෂන් සභා දෙකක් හදුන්වා දී ඇති අතර එම කොමිෂන් සභා වන්නේ විගණන සේවා කොමිසම සහ ප‍්‍රසම්පාදන කොමිසමයි.
මේ වනවිට රට තුළ පවතින තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට නාරාහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයේ ඇති ඉන්ධන පිරවුම්හල මඟින් ඉන්ධන නිකුත් කරන ලෙස කතානායකවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. අත්පිට මුදල් පදනම මත මෙලෙස ඉන්ධන නිකුත් කරන ලෙසයි කථානායකවරයා ඉල්ලා ඇත්තේ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන ඉන්ධන ප්‍රමාණය ඛනිජතෙල් සංස්ථාව මඟින් පොලිස් ප්‍රවාහන කොට්ඨාශය වෙත ලබාදෙන අතර ඉන්ධන නිකුත් කිරීමේදී අයකරනු ලබන මුදල් ලබාගැනීම සඳහා ඛනිජතෙල් සංස්ථාවේ නිලධාරියෙකුද එම ස්ථානයට අනියුක්ත කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා දැනුම් දී තිබෙනවා. ඉන්ධන ලබාදෙන අවස්ථාවේ දී අදාල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා එම රථයේ සිටිය යුතු අතර අත්පිට මුදලට පමණක් එහිදී ඉන්ධන නිකුත් කිරීම සිදුකරන ලබනවා.
අද (18) පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය. මේ වනවිට පාර්ලිමේන්තුව අවට ආරක්ෂක විධි විධාන දැඩි කර තිබේ.
ස්වර්ණවාහිනී පාර්ලිමේන්තු වාර්තාකරුගේ සහ තවත් මාධ්‍යවේදියෙකුගේ ජංගම දුරකථන ඉන්දික අනුරුද්ධ සහ ඩී වීරසිංහ යන මන්ත්‍රීවරුන් පැහැර ගෙන තිබෙනවා.මෙම මාධ්‍යවේදීන් දෙදෙනාට තර්ජන කර, පහර දීමට උත්සහ කර ඇති බවද වාර්තා වනවා. ඉන්දික අනුරුද්ධ සහ ඩී වීරසිංහ යන මන්ත්‍රීවරුන් විසින් ප්‍රගීත් පෙරේරාගේ ජංගම දුරකථනයද පැහැර ගෙන තර්ජනය කර ඇති බවයි වාර්තා වන්නේ.ඔවුන් විසින් නිසි අවසරයක් ලබා ගෙන එහි කටයුතු ආවරණය සිදු කරන අතර තමන්ට එල්ල වූ තර්ජන සම්බන්ධයෙන් කථානායක කාර්යාලයට පැමිණිල්ලක්ද සිදු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාද පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ අවධානයට යොමු කළා.
ජනාධිපතිවරයාට අප්‍රසාය පළ කිරීමේ යෝජනාව අද (17) දින පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවා හදිසි කටයුත්තක් සේ විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසයි.
මහජන මුදල් වියදම් කරමින් අදත් (17) පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයෙක් පත් කර ගැනීම සඳහා ඡන්දයක් පැවැත්වේ.
අග්‍රාමාත්‍යවරයා පත්වීමෙන් පසු පළමු පාර්ලිමේන්තු සැසිවාරය අද (17) පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතය. අද දිනයේදී පාර්ලිමේන්තුවේ ප්‍රථමයෙන් කළ යුතුව පවතින්නේ රංජිත් සියඹලාපිටිය මහතාගෙන් හිස්වූ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරයෙකු පත්කර ගැනීම බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිවරයෙකු වන බැවින් ආණ්ඩු පක්ෂයේම ඉදිරි පෙළ ආසනයක් හිමිවනු ඇති බවට වාර්තා වන අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක්ද අද පෙරවරු 8.30ට පැවැත්වීමට නියමිතය.
එලැඹෙන 17 වැනිදා තෙක් පාර්ලිමේන්තුව කල් තැබීමට තමා ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවට කථානායක මහින්ද යාපා අබේවර්ධන අවධාරණය කරයි. අද (12) පැවති පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා මේ බව ප්‍රකාශ කර ඇත. එසේම එම රැස්වීමේදී රටේ පවතින දේශපාලන තත්වය පිළිබඳ සළකා බැලීම සඳහා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වීමේ වැදගත්කම පක්ෂ නායකයන් විසින්ද කරුණු සහිතව පෙන්වා දී තිබේ.
- Advertisement -spot_imgspot_img

Must Read

- Advertisement -spot_img