27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතලෙයිබාන් ත්‍රස්තවාදීන් නැව් බඩු මෙහෙයුම් මධ්‍යස්ථාන 6ක් ආක්‍රමණය කරලා

තලෙයිබාන් ත්‍රස්තවාදීන් නැව් බඩු මෙහෙයුම් මධ්‍යස්ථාන 6ක් ආක්‍රමණය කරලා

තලෙයිබාන් ත්‍රස්තවාදීන් ඇෆ්ගනිස්තානයේ බහලුගත නැව් බඩු මෙහෙයුම් මධ්‍යස්ථාන (ගුදම්) 6ක් අත්පත් කරගෙන ඇතැයි එරට මුදල් අමාත්‍යාංශයේ නිලධාරිහු ප්‍රකාශ කළහ. ත්‍රස්තවාදීන්ගෙන් එම ගුදම් නැවත අත් කර ගැනීමට රජයට කිසිදු හැකියාවක් ලැබී නැති බවද මුදල් අමාත්‍යාංශය තහවුරු කර ඇතැයි ඇෆ්ගනිස්තාන ‘කාමා ප්‍රෙස්‘ පුවත් සේවය සඳහන් කළේය.

එරට පක්ටියා පළාතේ මෙන්ම ටක්හාර්, කුන්ඩුස්, හිරාත්, ෆාරා සහ කන්දහාර් පළාතේ පිහිටා ඇති බහලුගත නැව් භාණ්ඩ මෙහෙයුම් මධ්‍යස්ථාන මෙසේ තලෙයිබාන් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට නතුවී ඇත.

අමෙරිකාව ඇතුළු හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටව යෑමත් සමඟ එරට ත්‍රස්ත ක්‍රියාකාරකම් උත්සන්න වෙමින් පවතින බවත්, රජයේ දේපල අත්පත් කරගැනීම හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ පෑමට ඇෆ්ගනිස්තානයට සිදුවී ඇති බවත් වැඩි දුරටත් වාර්තා වේ.

තලෙයිබාන් ත්‍රස්තවාදීන් මේ වන විට එරට පළාත් ගණනාවක බලය තහවුරු කරගෙන සිටින අතර, ඔවුන් මැඬ පැවැත්වීමට රජයේ හමුදා දැඩි සටනක නිරත වී සිටී.