― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලීස් කොස්තාපල්වරයෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට

පොලීස් කොස්තාපල්වරයෙකුගේ වෙඩි පහරින් ජීවිතක්ෂයට

පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා.

පානදුර ළමා හා කාන්තා කාර්යාංශ ඒකකයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අද (29) අලුයම පොලිස් ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව අසලදී මොහු සිය ටී-56 ගිනි අවියෙන් මෙලෙස වෙඩි තබාගෙන ඇති බවට තොරතුරු වාර්තා වනවා.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා පානදුර දකුණු රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 28 හැවිරිදි පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි කොස්තාපල්වරයෙකි.