25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතලෙයිබාන්වරුන්ගේ ආක්‍රමණය සුළු ජාතීන්ගේ අරගලවලට පාඩමක්

තලෙයිබාන්වරුන්ගේ ආක්‍රමණය සුළු ජාතීන්ගේ අරගලවලට පාඩමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන්

තලෙයිබාන්වරුන්ගේ ආක්‍රමණය ලෝකයේ සියලු සුළු ජාතීන්ගේ අරගලයන්ට විශාල පාඩමක් උගන්වන බවත් ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන්ගේ අරගලය පිළිබඳව සෑම අයකුම අවධානය යොමු කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා පැවසීය.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගිය දා (18) කිලිනොච්චියේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදීය.

තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.සුළු ජන කොටස් වල අරගලයන් කුමන හෝ අවස්ථාවක පුපුරා යෑමට ඇති ඉඩකඩ වැඩි.ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ අරගලයද ඉතාම සාධාරණ හා අයිතිවාසිකම් වෙනුවෙන් කරගෙන යන අරගලයක්. මේ ප්‍රශ්නයේදී ද දෙමළ ජනතාව මර්දනය කිරීමට පියවර ගැනීම ඇතැම් විට ඉතා භයානක ප්‍රතිපළ ඇති වීමකට අත වැනීමක් විය හැකි.

මේ වන විට දෙමළ ජනතාවගේ ප්‍රශ්න රාශියක් එකතු වී තිබෙනවා. උතුරේ ඉඩම් ප්‍රශ්නය, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, යුද සමයේදී අතුරුදහන් වූවන් ගේ ප්‍රශ්නය හා උතුරු නැඟෙනහිර පළාත්වලට දේශපාලන විසදුමක් ලබාදීම වැනි කාරණා වලට පාලකයන් විසඳුම් දිය යුතුයි.

උතුරු පළාත් විශේෂ