අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් හැටන් නගරයේ ආපනශාලා කිහිපයක් හදිසි පරීක්ෂාවකට ලක් කර ඇත. හැටන් නගරයේ ඇතැම් ආපනශාලා අපිරිසිදු තත්ත්වයෙන් පවත්වාගෙන යන බවත්, ආහාරපානවල කැරපොත්තන් හා කෘමීන් සිටින බවට පාරිභෝගිකයින් විසින් ජංගම දුරකථන මගින් වීඩියෝගත කර සමාජ මාධ්‍යයට මුදාහැර තිබූ බවත් වාර්තා වේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් හැටන්–දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතාගේ උපදෙස් මත මෙම හදිසි පරීක්ෂාව සිදු කර තිබේ.
පරීක්ෂාවේදී අපිරිසිදු ආකාරයෙන් ආහාරපාන සැපයූ ආපනශාලා හිමිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ දින 10ක් ඇතුළත කටයුතු කිරීමට නියමිත අතර, නියමිත ප්‍රමිතියෙන් තොරව ආපනශාලා පවත්වාගෙන ගිය වෙළඳසැල් හිමියන්ට එහි අඩුපාඩු සකස් කර ගැනීම සඳහා දින 14ක කාලයක්ද ලබා දී ඇත.


