දිවයිනට බලපා ඇති සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට විටින් විට තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ.
ඒ අනුව, ජනතාවගේ අවධානය යොමු කරමින් එම දෙපාර්තමේන්තුව ඇම්බර් වර්ණයේ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. මෙම නිවේදනය අද (02) පෙරවරු 11.00 සිට හෙට (03) පෙරවරු 11.00 දක්වා බලපැවැත්වේ.
නිවේදනයට අනුව, මධ්‍යම, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වල මෙන්ම හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ද විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයෙන් තද සුළං හමා යා හැකිය.
මේ අතර, කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් විහිදී ඇති මුහුදු ප්‍රදේශ සඳහා ද වෙනම කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබේ.
එම මුහුදු කලාපවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 සිට 60 දක්වා ඉහළ යා හැකි බව එහි සඳහන් වේ.
තවද, හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0 සිට 2.5 දක්වා ඉහළ යාමේ අවදානමක් ද පවතින බව දැනුම් දී ඇත.
ඒ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව ඇතුළු අදාළ සියලු දෙනා ඉතා සැලකිලිමත්ව කටයුතු කරන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරියේදී නිකුත් කරන නිවේදන පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙසත් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.


