28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsතොම්සන් හේරාගෙන් මී. 100 ලොව දෙවැනි හොඳම කාලය

තොම්සන් හේරාගෙන් මී. 100 ලොව දෙවැනි හොඳම කාලය

ජැමෙයිකාවේ ඉලේන් තොම්සන් හේරා කාන්තා මීටර් 100 ලෝක වාර්තාවට තත්පර 0.05ක් පසුපසින් සිට එම ඉසව්වේ ලොව හොඳම දෙවැනි කාලය වාර්තා කළාය. පෙරේදා ඉයුජින්හි පැවති ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී ඇය ලොව හොඳම දෙවන වේගවත්ම කාලය වාර්තා කළේ තත්පර 10. 51කිනි. මෙයට සති දෙකකට පමණ පෙර ඇය විසින් ටෝකියෝ ඔලිම්පික් උලෙළේදී මීටර් 100 තත්පර 10. 61කින් නිම කර රන් පදක්කම දිනා ගත් අතර, එයට වඩා හොඳ කාලයකට ඩයමන්ඩ් ලීග් තරගාවලියේදී පැමිණීම විශේෂත්වයකි.

1988දී අමෙරිකාවේ ෆ්ලෝරන්ස් ග්‍රිෆිත් ජොයිනර් ක්‍රීඩිකාව මෙම ඉසව්වේ ලෝක වාර්තාව තත්පර 10.49කින් පිහිටුවා ඇති අතර, වසර 33 ක් පැරණි එම වාර්තාව තොම්සන් හේරාගෙන් ගිලිහී ගියේය.

“මට තව තරග තියෙනවා, ඒ නිසා මම වැඩිය කලබල වෙන්නේ නැහැ. මගේ වෘත්තීය ඉදිරියටත් හොඳින් කරගෙන යන්න වෙනවා,” 29 හැවිරිදි තොම්සන් හේරා තරගයෙන් අනතුරුව පැවැසූවාය.