අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති හිමියෝ කියති
කොවිඩ් අද හෙට මාසයකින් අවසන් වෙන දෙයක් නොවන බවත් එසේ අවසන් වෙනවා නම් රට වසා දැමුවාට කමක් නැති බවත් ජනතාව මෙවැනි තත්ත්වයක් ඉදිරියේ විනයක් ඇතිව ජනතාව කටයුතු කළ යුතු බව උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමියෝ සඳහන් කරති.
මාධ්‍යවෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව පැවසුහ. තවදුරටත් උන්වහන්සේ මෙසේද පැවසුහ.
“රට වසා දැමීමෙන් දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිසුන්ට මොකද වෙන්නේ .අනෙක මෙය ඉවර වෙන දවසක් නෑ.රට වැහුවා කියා පාරවල් හිස් ද ,කඩවල්වල පිටු පසින් භාණ්ඩ විකුණන්නේ නැද්ද,ඒවා රකින්න පොලිසිය ගියාම පොලිසියට බණිනවා.එහෙම හරියන්නේ නෑ. මිනිසුන්ට හික්මීමක් නෑ.
විරුද්ධ පක්ෂත් මේ වේලාවේ බොරු නිවේදන නිකුත් කරනවා. එක නොවෙයි වැදගත්. සියලු දෙනා එකතුවී මේ පවතින කොරෝනා ව්‍යවසනයෙන් මිදෙන්නට කටයුතු කිරීම අවශ්‍යයි.රට වහන්න කියන්න ලේසියි. විපක්ෂයේ අය රට වසා දැමුවාමත් බනිනවා, ඇරියාමත් බනිනවා.මෙය ලෝක ව්‍යවසනයක් බව විපක්ෂයේ අයට තේරෙන්නේ නෑ. දියුණු රටවල් වගේම සෑම රටකම මේ ව්‍යවසනය පාලනය කර ගැනීමට නොහැකිව දුක් විදිනවා.ඒ නිසා කොරෝනා ව්‍යවසනයෙන් ජිවිත බේරා ගන්නා ගමන් අනෙකුත් කටයුතු සිදු කළ යුතු වෙනවා.ජනතාවගේ විනයත් හික්මීමත් දකින්න ලැබෙන්නේ නෑ.කොහොමද ඉතින් රටක් පාලනය කරන්නේ.
සෑම දෙනාම මේ අවස්ථාවේ පක්ෂ පාට නොබලා සහයෝගයෙන් කටයුතු කරනවා මිසක වාද බේද හදාගෙන නැති ප්‍රශ්න හදාගෙන රට අවුල් කරන්න එපා. දේශපාලනය පසුව සිදු කළ හැකියි. එයට කලින් ජනතාව ජිවත් කළ යුතුයි.”
අනුරාධපුර අතිරේක