― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවත්මන් ආණ්ඩුව රාජිත වගේ හොර එන්නත් ගෙන්වා නෑ

වත්මන් ආණ්ඩුව රාජිත වගේ හොර එන්නත් ගෙන්වා නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ

සෞඛ්‍ය සංවිධානය පිළි ගත් එන්නත් මිස රාජිත මහත්තයා ගෙනාවා වගේ හොර එන්නත් වත්මන් ආණ්ඩුව ගෙන්වා නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පෙරේදා (29) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

“සජිත් ප්‍රේමදාස ජනතා විමුක්ති පෙරමුණත් එක්ක එකතු වෙලා රටම කුලප්පු කරලා කියනවා කැප කිරීම් කරන්න කියලා. මම අහන්න කැමතියි ඔහුගෙන් විපක්ෂය කළ කැප කිරීම මොකක්ද කියලා.

අපි භාර දුන්නේ හොඳ ආදායමක් එක්ක දියුණු රටක්, එහෙම දුන් රට මේ මිනිස්සු කෑවා කියලා ලිව්වා නම් ඔහුගේ ප්‍රකාශය වැදගත්. 2019 වන විට ඒක පුද්ගල ආදායම ඩොලර් 4020යි. එන්න එන්න එය අඩු වෙලා ඉතා දුර්වල ආර්ථිකයක් එක්ක තමයි අපි භාර ගන්නේ. බිලියන 12ක් ණයට ගෙන අවුරුදු 12ටම ඒක පුද්ගල ආදායම වැඩි වෙලා තිබුණේ ඩොලර් 33යි.

සජිත් ප්‍රේමදාස කොරෝනා වසංගතය වෙලාවෙත් විහිළු සහගත මාධ්‍ය ප්‍රකාශ නිකුත් කිරීම ගැන අපේ කනගාටුව ප්‍රකාශ කරනවා.

හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සයිනොෆාම් එන්නත ගැන විවේචනය කරනවා. මා දන්න විදියට ඔහු දත් දොස්තර කෙනෙක්. වයිරසවේදය හෝ එන්නත් සම්බන්ධ විශේෂඥයෙක් නොවෙයි. දත් දොස්තරලා කියන ඒවා නොවෙයි මේ වෙලාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය පිළි ගන්නේ. ඒ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් කියන දේවල්. ලෝකය හා ලෝක සෞඛ්‍ය සංවිධානය පිළි ගත් එන්නත් මිස රාජිත මහත්තයා ගෙනාවා වගේ හොර එන්නත් අපි ගෙන්නලා නෑ.”

ක්‍රිසන්ති විතාරණ