26.7 C
Colombo
Monday, July 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමාලේ යන්න පෙර ශ්‍රී ලංකා පාපන්දු පිලට කටාර් පුහුණුවක්

මාලේ යන්න පෙර ශ්‍රී ලංකා පාපන්දු පිලට කටාර් පුහුණුවක්

Author(s): 
ප්‍රින්ස් ගුණසේකර

සභාපති ජස්වර් ෂේක් හමීඩ් සංවාදය පල දරයි

දකුණු ආසියා පාපන්දු තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා පාපන්දු පිලට කටාර් රාජ්‍යයේ දින 16ක පමණ විශේෂ පුහුණුවක් ලබාදීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් මහතා කටයුතු සූදානම් කරයි. කටාර් පාපන්දු සභාපති ෂේක් හමීඩ් බින් කලීෆා මහතා සමග පැවැති දුරකතන සංවාදයකින් අනතුරුව මෙම අවස්ථාව උදාකරගත් බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා ‘දිනමිණට’ පැවසිය.

කොරෝනා අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන රට වසා ඇති හෙයින් පාපන්දු ක්‍රීඩකයන්ට ක්‍රමවත් පුහුණුවක් ලැබීමට නොහැකි වීමත්, දකුණු ආසියා තරගාවලියට උසස් තාක්ෂණික පහසුකම් ඇති විශේෂ පුහුණුවක් දීමේ අවශ්‍යතාව මතු වීමත් වැනි කරුණු සැලකිල්ලට ගෙන මේ විශේෂ පුහුණු සැසිය සූදානම් කළ බව ජස්වර් උමාර් මහතා පැවසීය. දකුණු ආසියා පාපන්දු තරගාවලියට ඉතා කෙටි කාලයක් තිබියදී හැකි උපරිම ප්‍රතිඵල අපේක්ෂාවෙන් ශ්‍රී ලංකා පාපන්දු පිලට හැකි සියලු පහසුකම් සලසන බවද ඒ මහතා සඳහන් කළේය.

කටාර් පාපන්දු පුහුණුව අතර කටාර් පාපන්දු සම්මේලනය සමඟ අවබෝධතා ගිවිසුම් කිහිපකට අත්සන් තබන බව ද පාපන්දු සම්මේලන සභාපතිවරයා පැවසීය. මේ අවබෝධතා ගිවිසුම් මඟින් දෙරට අතර වඩාත් මිත්‍ර සම්බන්ධතා ඇති වන අතර ශ්‍රී ලංකා පාපන්දු සංවර්ධනයට පියවර රැසක් නිර්මාණය වේ. මේ සියලු ගිවිසුම් ලබන වසරේ ජනවාරි 1 දා සිට ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකා පාපන්දු පිලේ ක්‍රීඩකයන් 27ක් හා පුහුණු කාර්ය මණ්ඩලයේ 11ක පිරිසක් මේ කටාර් විශේෂ පුහුණු සැසිය සදහා මේ මස 8 වැනිදා දෝහා බලා පිටත් වීමට නියමිතය. අනතුරුව දකුණු ආසියා පාපන්දු තරගාවලිය වෙනුවෙන් දෝහා සිට මාලදිවයින දක්වා මේ 26 දා ශ්‍රී ලංකා පාපන්දු පිල ගමන් අරඹනු ඇත.

පුහුණු කාර්ය මණ්ඩලයේ 11ක පිරිසට නවක මුහුණු කිහිපයක්ම ඇතුළත්ව සිටීම විශේෂත්වයකි. බොස්නියානු ජාතික ප්‍රධාන පුහුණුකරු අමීර් ඇලජික් හා ගෝල් කීපර් පුහුණුකරු අමීර් ඩොක්සාන් යන මහත්වරුන්ට අමතරව කොළඹ පාපන්දු සමාජයේ පුහුණුකරු රූමී හසන් මහතා තාක්ෂණික පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා පාපන්දු පිලට එක් කර ගෙන ඇත. එමෙන්ම බ්ලූස්ටාර් පිලේ ප්‍රධාන පුහුණුකරු රාජමනී දේවසභායම් මහතා නියෝජ්‍ය පුහුණුකරු ලෙස නම් කොට තිබේ. ශ්‍රී ලංකා පාපන්දු පිල සමග සංචාරය අරඹන කණ්ඩායමට වෛද්‍ය රුවන් ප්‍රනාන්දු (කණ්ඩායමේ වෛද්‍ය), ආෂිෆ් අන්සාර් (කළමනාකරු), ඉසා ඉබ්‍රහිම් (මාධ්‍ය කළමනාකරු), සංඛ ජයමිණ (දත්ත විශ්ලේෂක), සුරංග ද සොයිසා (භෞත චිකිත්සක), ජීවන කල්දේරා, මහින්ද රෝහාන් (සම්බාහක) හා මොහොමඩ් ෆාහිම් (ඇඳුම් කට්ටල භාර) මහත්වරු ඇතුළත්ව සිටිති.