28.4 C
Colombo
Monday, July 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරංජන්ට සමාව දෙන්න විපක්ෂනායක ජනපතිට ලියයි

රංජන්ට සමාව දෙන්න විපක්ෂනායක ජනපතිට ලියයි

දැනට සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දීම සම්බන්ධයෙන් කඩිනම් සාධනීය ප්‍රතිචාරයක් දක්වන ලෙස ඉල්ලා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර ඇත.

2021 ජනවාරි 12 දින සිට මේ දක්වා දින 232ක කාලයක් සිර දඬුවම් විඳිමින් සිටින රන්ජන් රාමනායක මහතා අවංක චරිතයක් ඇත්තෙකු ලෙසත්, සත්‍ය වෙනුවෙන් කතා කරන්නෙකු ලෙසත් කා අතරත් පිළිගැනීමක් තිබෙන බවත් එම ලිපියේ සඳහන්වේ.

කලාකරුවකු ලෙස රන්ජන් රාමනායක මහතා වසර ගණනාවක් අඛණ්ඩව ජනප්‍රියම නළුවා ලෙසත්, ජනතාවාදී කලාකරුවකු ලෙසත් විශාල කීර්තියක් ලබා ගෙන සිටින අතර දේශපාලනඥයකු ලෙස අවස්ථා රැසකදීම ඉහළම ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූවෙකු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටී.

විපක්ෂ නායක යැවූ එම ලිපියේ මෙසේද සඳහන්වේ. දේශපාලනයෙන් හෝ වෙන යම් කිසිම මාර්ගකින් අයථා කටයුතුවලට හෝ දූෂණවලට එතුමා සම්බන්ධ නැති බව කවුරුත් දන්නා කරුණකි. එතුමාගේ නිදහස සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස දේශපාලන පක්ෂ, පාට භේදයකින් තොරව ආගමික නායකයන්, ප්‍රවීණ කලාකරුවන්, නීති විශාරදයන්, සිවිල් පුරවැසියන්, විශාල පිරිසක් ඉල්ලීම් කළ අතර ඔබතුමාටද එවැනි ඉල්ලීම් ගණනාවක් යොමු කර තිබිණි.

එවන් තත්ත්වයක් තුළ, රන්ජන් රාමනායකයන්ගේ නිදහස වෙනුවෙන් මා මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔබ තුමන්ව දැනුවත් කළ අතර ඒ සෑම අවස්ථාවකදීම ඔබතුමන්ගෙන් ලද යහපත් ප්‍රතිචාරය පිළිබඳ කෘතවේදීව සිහිපත් කරමි.

රන්ජන් රාමනායක මහතාගේ නිදහස උදෙසා ඉහත පාර්ශ්වයන් නැවත නැවතත් මා වෙතින් විමසීම් සහ ඉල්ලීම් සිදු කරන අතර, එකී ඉල්ලීම් සාධනීය බවත්, සාධාරණ බවත් මා මෙන්ම ඔබතුමාද විශ්වාස කරනු ඇතැයි අපේක්ෂා කරමි.