26.7 C
Colombo
Monday, July 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑන්නත්කරණ වැඩසටහනේ යුද හමුදාවේ දායකත්වය ප්‍රශංසනීයයි

එන්නත්කරණ වැඩසටහනේ යුද හමුදාවේ දායකත්වය ප්‍රශංසනීයයි

ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම

කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහනේදී යුඳහමුදාව දක්වන සක්‍රීය දායකත්වය ප්‍රශංසනීය බවත් යුද හමුදාවේ විනයවත් ක්‍රියාදාමය සැමට ආදර්ශයක් බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මාතර දිස්ත්‍රික්කයේ අවුරුදු විස්සත් තිහත් අතර වයස් කාණ්ඩයේ පසුවන තරුණ පිරිසට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන පිළිබඳ දැනුම්වත් කිරීමේ සාකච්ඡාවකට පෙරේදා (7) එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

“වයස අවුරුදු විස්සත් තිහත් අතර තරුණ පිරිස සඳහා එන්නත්කරණ වැඩසටහන කඩිනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත් පියවර පිළිබඳ ස්තූතිය පළ කරනවා. මෙම වයස් කාණ්ඩයේ තරුණ පිරිසට එන්නත ඉක්මනින් දෙන්න හැකිවීම ඉතා වටිනවා.

හොඳම එන්නත ෆයිසර් කියා සමාජයේ කතාවක් ගියත් වෛද්‍ය මතය අනුව කොවිඩ් මර්දනයට භාවිත කරන හැම එන්නතක්ම හොඳයි. ඒත් රට යන අයට ෆයිසර් ගැහුවාද කියා අසනවා. අනින ඒ මතය නිසා මේ කෙරෙහි වැඩි උනන්දුවක් තිබෙනවා. හම්බන්තොට ෆයිසර් එන්නත දෙන විට දකුණු පළාතේම අය එතෙන්ට ගිහින් තදබදයක් ඇති වුණේ ඒ නිසායි.

අප හැමෝම මතක තබාගත යුතු ප්‍රධානම කරුණක් තියෙනවා. මෙම එන්නත යම් දිස්ත්‍රික්කයකට දෙන්න නම් කළාට පසු දිස්ත්‍රික්කයෙන් පිට අය ඒ සඳහා නොයා යුතුයි. මොකද මේ එන්නත්කරණ වැඩසටහන කරන්නේ යුඳ හමුදාවේ වෛද්‍ය බළකායයි. එය ඉතාම හොඳින් කරනවා. හමුදාවේ විනය අනුව නිවැරදි ක්‍රමවේදයෙන් පිට යන්න බෑ. මෙන්න මේ කරුණ මතකයේ තබා ගත යුතුයි.”

ජයසිරි පේදුරුආරච්චි – ගන්දර සමූහ