27.2 C
Colombo
Sunday, July 6, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාකිස්තාන ප්‍රබලයෝ රැසක් විස්සයි20 ලෝක සටනින් ඉවතට

පාකිස්තාන ප්‍රබලයෝ රැසක් විස්සයි20 ලෝක සටනින් ඉවතට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ලබන මස 17 දා ආරම්භ වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එක් වන සංචිතය පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් පසුගියදා ප්‍රකාශයට පත් කරනු ලැබීය.

බාබර් අසාම්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයන් 15 දෙනකු ඇතුළත් වන අතර, අතිරේක ක්‍රීඩකයන් තිදෙනකු ද නම් කිරීමට කටයුතු කර ඇත.

ප්‍රවීණ ක්‍රීඩකයකු වන ෂොයිබ් මලික් සමඟ වහබ් රියාස්ට සහ හිටපු නායකයකු වන සර්ෆ්‍රාස් අහමඩ්ට මේ සංචිතයේ ස්ථාන අහිමි වී ඇත. ප්‍රහාරාත්මක පිතිකරු ෆකාර් සමාන් අතිරේක ක්‍රීඩකයකු ලෙස නම් කර තිබීම වි⁣ශේෂත්වයක් වුව ද 40 හැවිරිදි මොහොමඩ් හෆීස් සංචිතයේ ස්ථානයක් වෙන් කර ගැනීමට සමත්ව ඇත.

මෑතකදී ජගත් විස්සයි20 වරම් දිනා ගත් අසාම් ඛාන් සහ පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේදී දස්කම් දැක්වූ සොහයිබ් මක්සූඩ් සංචිතයේ ස්ථාන වෙන් කර ගෙන තිබේ.

ලෝක කුසලාන තරගාවලියට පෙර පාකිස්තාන කණ්ඩායම ක්‍රීඩා කිරීමට නියමිත එංගලන්තයට සහ නවසීලන්තයට එරෙහි විස්සයි20 ද්විපාර්ශ්වික තරගාවලි සඳහා ද මේ සංචිතයම එක් වීමට නියමිතය.

පාකිස්තාන විස්සයි20 සංචිතය:

බාබර් අසාම් (නායක), ශඩාබ් ඛාන් (උපනායක), අසීෆ් අලී, අසාම් ඛාන්, හැරිස් රාවුෆ්, හසන් අලී, ඉමාඩ් වසීම්, කුස්දිල් ශාහ්, මොහොමඩ් හෆීස්, මොහොමඩ් හස්නයින්, මොහොමඩ් නවාස්, මොහොමඩ් රිස්වාන්, මොහොමඩ් වසීම්, ශහීන් අෆ්රිඩි, සොහයිබ් මක්සූඩ්.

අතිරේක ක්‍රීඩකයෝ: ශහ්නවාස් ධහානී, උස්මාන් කාදීර්, ෆකාර් සමාන්.