27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමෙක්සිකෝවේ දරුණු භූ කම්පනයක්

මෙක්සිකෝවේ දරුණු භූ කම්පනයක්

දකුණු දිග මෙක්සිකෝවේ දරුණු භූ කම්පනයක් සිදු වී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කළේය. පෙරේදා රාත්‍රි සිදු වූ මේ භූ කම්පනය රිච්ටර් මාපකයේ 7.0ක් ලෙස සටහන් වී ඇති අතර, එහි ප්‍රබලත්වය කිලෝමීටර් 4ක තරම් දුරකට විහිදී ගිය බව නගරවාසීහු පවසති.

භූ කම්පනයෙන් මේ වන විට පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී ඇති අතර, තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ. ප්‍රධාන භූ කම්පනයෙන් පසු තවත් සුළු භූ කම්පන 92ක් පමණ වාර්තා වී ඇති අතර, මේ සිදුවීමත් සමඟ අනතුරු ඇඟවීමේ සීනු මෙක්සිකෝ සිටි නගරය පුරා නාද වන්න පටන් ගෙන ඇත. පසුව සුනාමි අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබුණත්, පසුව එම අනතුරු ඇඟවීම ඉවත් කර තිබේ.

භූ කම්පනය හේතුවෙන් විශාල විනාශයක් සිදු නොවුණත්, රථවාහන හා නිවාස රැසක් විනාශ වී ඇතැයි සීඑන්එන් පුවත් සේවය වැඩි දුරටත් සඳහන් කළේය. බොහෝ පළාත්වලට විදුලිය ඇනහිටීම් වාර්තා වන අතර, මේ වන විට එය යථා තත්ත්වයට පත් කිරීමට මෙක්සිකෝ රජය කටයුතු කර ඇත.

උතුරු අමෙරිකා භූ තැටිය අද්දර පිහිටා ඇති නිසා මෙක්සිකෝවට භූ කම්පන ආගන්තුක නොවන අතර, 2017 සැප්තැම්බර් මාසයේ සිදු වූ රිච්ටර් මාපකයේ 8.0ක අගයක් ගත් දරුණු භූ කම්පනයෙන් පුද්ගලයන් 9,500ක් ජීවිතක්ෂයට පත් වූ බවට තක්සේරු කර තිබිණි.