32.8 C
Colombo
Thursday, May 7, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදැරියන් නිරුවත් කළ අරුම පුදුම ශාන්තිකර්මය

දැරියන් නිරුවත් කළ අරුම පුදුම ශාන්තිකර්මය

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ දැඩි ඉඩෝරයකට මුහුණ පා ඇති ගම්මානයක බාලවයස්කාර දැරියන් 6 දෙනකු නිරුවත් කර වර්ෂාව අයදිමින් සිදු කළ ශාන්තිකර්මයක් පිළිබඳ එරට ජාතික ළමාරක්ෂක අධිකාරිය පරීක්ෂණක් අරඹා ඇතැයි වාර්තා වේ.

එම දැරියන් නිරුවත්ව ශාන්තිකර්මයේ නිරතව සිටින අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ පැතිර යෑමෙන් පසු මේ පියවර ගෙන ඇත. මෙවැනි ශාන්තිකර්මවලින් වර්ෂාව උපදවා ගත හැකි බවට එම ගම්මානයේ වැසියන් තුළ දැඩි විශ්වාසයක් පවතින බව වාර්තා වේ.

මේ සිදුවීම සම්බන්ධව කිසිදු පැමිණිල්ලක් නොලැබුණ ද පරීක්ෂණයක් පැවැත්වීමට මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ පොලිසිය ද තීරණය කර ඇත. මේ දැරියන් අතර අවුරුදු 5ක දැරියක ද සිටි බව එරට පුවත් වාර්තා කළේය. භක්ති ගී ගායනා කරමින් මේ දැරියන් පෙරටු කර ගෙන වැඩිහිටි කාන්තාවක ඉදිරියෙන් ගමන් කර තිබූ බවට වාර්තා වේ.