26.7 C
Colombo
Monday, July 7, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරජයේ මුදල් පනත් කෙටුම්පතින් නීතිගරුකව ව්‍යාපාර කරන්නන්ට අසාධාරණයක් සිදු වනවා

රජයේ මුදල් පනත් කෙටුම්පතින් නීතිගරුකව ව්‍යාපාර කරන්නන්ට අසාධාරණයක් සිදු වනවා

පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

රජයේ මුදල් පනත කෙටුම්පත කළු සල්ලි සුදු කරන්නක් බවත් නීත්‍යානුකූලව ව්‍යාපාර කරන අයට මෙයින් විශාල අසාධාරණයක් වන බවත් සමඟි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (7) පැවසීය.

මුදල් පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක් වෙමින් ඒ මහතා මෙසේ ද කීවේය.

“ගොඩක් අය කළු සල්ලි අපේ රටට අරන් ආවේ නැහැ. ඒවා පිටරටවල අයෝජනය කර තබා ගන්නවා. ඒකෙන් ඔය කියන ආර්ථික සංවර්ධනයක් ‍අ‍පේ ර‍ටට ලැබෙන්නේ නැහැ. නීත්‍යනුකුල විදියට ව්‍යාපාර කරන අයට මේකෙන් අසාධාරණයක් වෙනවා. ඒ වගේම වැරදි පූර්වාදර්ශයක් වෙනවා. හොඳ වෙලාවට මධූෂ්ලා, පොට්ට නවුෆර්ලා ජීවතුන් අතර නැත්තේ. නැත්තම් මේ පනත නීතියක් විදියට තිබුණා නම් හංගගෙන හිටපු ධනස්කන්ධය සුදු සල්ලි බවට පරිවර්තනය කරගන්නවා.

මෙවැනි නීතිවලින් ලෝකයේ රටවලින් පිළිගැනීමක් ඇතිවන්නේ නැහැ. පාන්පිටිවලට සීනී වලට හදිසි නීතියක් ගේනවා කියා මා ඇසුවාමයි. එතකොට යුද්ධයක් අවෝත් හදිසි නීතිය මොකද්ද කියා හො‍ය හොයා යන්න වෙයි. ඒ වගේම මේ ආණ්ඩුව ජාවාරම්කාරයෝ ආරක්ෂා කරනවා. රට හදන්න ඕනේ කියා තුනෙන් දෙකක් ඕනෑ කිව්වා. ඒක ජනතාව දුන්නා. ඊට පස්සේ 20 සංශෝධනය කරන්න ඕනෑ කිව්වා. දැන් හදිසි නීතීය ඕනේ කිව්වා. දැන් ඔය කියන ආර්ථික විශේෂඥයෝ මේ රට තල්ලු කරන තැන අනුව ආපහු ගොඩ ගන්න නම් ලීක්වාන් යූ, මහතීර් මොහොමඩ්ලා ගේන්න වෙයි.”

පහන් විජේසේකර