― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඋතුරු - දකුණු කොරියානු පසමිතුරෝ මිසයිල අත්හදා බලති

උතුරු – දකුණු කොරියානු පසමිතුරෝ මිසයිල අත්හදා බලති

උතුරු කොරියාව සහ දකුණු කොරියාව ඊයේ බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම් සිදු කිරීම හේතුවෙන් ලොව වඩාත්ම අස්ථාවර කලාපය ලෙස සැලකෙන කොරියානු කලාපයේ උණුසුම ඉහළ ගියේය. මුලින්ම උතුරු කොරියාවේ මිසයිල අත්හදා බැලීම සිදු වූ අතර, ඉන් දෙකක් කොරියානු අර්ධද්වීපයේ නැඟෙනහිර වෙරළට ඔබ්බෙන් මුහුදු තීරයට පතිත වූ බව ජපාන වෙරළාරක්ෂක හමුදාව තහවුරු කළේය. ඊට පැය තුනකටත් අඩු කාලයකදී දකුණු කොරියාව සබ්මැරීනයක ආධාරයෙන් නව බැලැස්ටික් මිසයිලයක් අත් හදා බැලූ බව වාර්තා වේ. එම මිසයිල අත්හදා බැලීම සාර්ථක වූ බව දකුණු කොරියානු ආරක්ෂක අමාත්‍යාංශය පසුව නිවේදනය කළේය. එම අවස්ථාවට දකුණු කොරියානු ජනාධිපති මුන් ජේ ඉන් සහභාගි වූ බව වැඩි දුරටත් වාර්තා වේ.