27.2 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඑජාපය ක්‍රියාකාරීන්ගේ තොරතුරු රැස් කිරීම අරඹයි

එජාපය ක්‍රියාකාරීන්ගේ තොරතුරු රැස් කිරීම අරඹයි

Author(s): 
ශිරෝමි අබයසිංහ

එක්සත් ජාතික පක්ෂය ගම් මට්ටමේ ක්‍රියාකාරීන්ගේ තොරතුරු රැස්කිරීමට පටන් ගෙන තිබේ.

ලබන සතියේ සිට මේ ක්‍රියාවලිය ප්‍රාදේශීය සභා, නගර සභා සහ මහ නගර සභා, පළාත් පාලන ආයතන මෙන්ම මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයන්, ආසන සංවිධායකවරුන් සහ තරුණ නියෝජිතයන් හරහා සිදු කිරීමට නියමිතය.

ගම් මට්ටමින් පක්ෂ ක්‍රියාකාරීන් ගේ තොරතුරු රැස් කිරීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම ලබන මස සිට අරඹන ලෙස පක්ෂ නායක සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දුන්නේය.

ලංකාවේ ඔන්ලයින් තාක්ෂණයට පිවිසි ප්‍රථම පක්ෂය ලෙස මෙම කටයුතු හැකිතාක් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට නියමිතය.